කොපි කරන්න හොඳ නැ ළමයෝ…

අලුත් බ්ලොග් එකට ලියන 3 වෙනි පිලිය.කිඩෝ මල්ලි සහ චැට් එකේ අයට පින් සිද්ද වෙන්න සින්ඩි වලටත් දාගත්තා.සින්ඩි වල ඇඩ්මින් අයියලාට සහ චැටේ මහත්තුරුන්ට බොහෝම තැනිව්….

බෙලෙක් මල්ලි තරයේම විස්සාස කරන දෙයක් තමා බ්ලොග් එකකින් කොපි කරගෙන තමාගේ බ්ලොග් එකේ පල කරන එක නරකයි කියන එක.

තනියම තමන්ගේ අදහස් ලියන්න හයියක් නැති එවුන් එහෙම කරනව තමා.ඒත් ඒ වැඩේ කැතයි නේද?

මේ බෙලෙක් මල්ලි කවුද කියල කිසි කෙනෙක් අඳුරන්නෙ නැති නිසා ඔන්න බෙලෙක් මල්ලි බය නැතුව කොපි කරපු කොපි මාස්ටර්ගෙ කතාව ඇදල දාන්න යන්නේ.

ස්කිරීන් සොට් දෙක තුන බලල උඹලම හිතාගනිල්ලකෝ දෙයක් ලියන්න හයියක් නැති,කොපි කරන්න පුරුදු වෙන එකා ගැන.

ඔය විතරක් නම් මදැ.කොපි කරන මල්ලියා තමන්ගේ කොපි කිරීමේ ව්‍යාපෘතියේ සාර්තකත්වය ගැන පෝස්ට් එකක්ම දාලා.

කොහොම මල්ලියෙක්ද මූ?අනේ මල්ලියේ මම මේ උඹට කියන්නේ තරහකට නෙවේ.ඇයි බං ඔහොම කොපි කරන්නේ?උඹටත් දක්ශතාවක් ඇති ලියන්න.උඹ ඒ විදියට ලියපං.බ්ලොග් එකක් පටන් ගන්න මුල්ම දවස් වල අමාරුයි කියල මට ඇහිල තියෙනව.ඒ වගේම ටික ටික තේරෙනව.ඒනිසා උඹට පුලුවං හැටියකට උඹ ලියපං.සමහරවිට උඹට සිංහල බ්ලොග් ලියන එකේ පොරක් වෙන්නත් බැරි වෙන එකක් නැ.නැතුව කොපි කරන්න යන්න එපා මචං.බැකප් ගහගන්න ඕන උං ඒව කරගනී.උඹ කරන්න යන්න එපා.

උඹේ කොපි ලිපි වලට කිසි කෙනෙක් කැමති වෙයිද කියලනම් මම දන්නෙ නැ.සමහරවිට උඹට කොපි කිරිල්ලෙන්ම අනාගතේ හදාගන්න ඉලක්කයක් ඇති.එහෙම අදහසක් තියෙනම් මේ 3.50 බෙලෙකා උඹට සපෝර්ට් එක දෙනවා.ඉත සින්තින්ම.

මලේ තව එකක් කොපි කරන්න කියල හැම එකම කොපි කරන්න යන්න එපා.හමෝගෙම ඒව කොපි කරන්නත් එපා.මොකද තදයො ඉන්නවද කියල උඹවත් මමවත් දන්නෙ නැ නේ.එහෙම එකෙක්ට උඹ අහු උනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිකමක් නැ.

උඹට කැමතිනම් මේ ලිපියත් කොපි කරලා අර බස් ලිපිය දැම්ම වගේම දාපං.බෙලෙක් කටාගෙන් බ්ලොග් අඩවියට ලැබුණ ප්‍රතිචාර කියල.මගේ කිසි අමනාපයක් නැ.

පලි-ක්ශනිකවම කොපි කරපු ඇඩ්‍රස් එක වෙනස් කිරීම ගැන ස්තුතිය.

Posted on 2011 June 19, in ඇත්ත and tagged . Bookmark the permalink. 12 Comments.

  1. අනේ බං ඔය කරන එකෙකුට ඔන ලබ්බක් කර ගන්න කියලා උඹේ ඔය පිරිසිඳු ලේ ටික පුච්ච ගන්නේ නැතුව හිටින් මචං….. ඔව්වා කාලේන් කාලෙට එන විශ හතු…. ටික කලකින් පර වෙලා යනවා බං…..

  2. බෙලෙක් කටා

    හ්ම්ම් ඒකත් ඇත්ත නේද මචං?එක එකා කරන මොලේ කචල් වැඩ වලට අපි මොකටද මහන්සි වෙලා එකතු කරන බෙලෙක් විකුණල හම්බ කරං කන ලේ ටික පුච්ච ගන්නෙ?විශ හතු…..ඔව් යාස් ඔය් යාස්…විශ ශතු තාමා

  3. අනුන්ගේ පෝස්ට් කොපි කරන එක කොන්ද පන නැති එවුන් කරන පජාතම වැඩක්. එහෙම කරන්නේ බ්ලොග් ලියන්න දන්නෙ නැති එවුන්.

  4. සැලෙන්න එපා මලයා ………..
    ඕවා බලන්නවත් යන්න එපා ……..

    • බෙලෙක් කටා

      මට අවුලක් නැ අයියේ.බට් වැරැද්ද නම් වැරැද්දනේ

  5. වැරදියි වැරදියි වැඩෙ නම් කැතැයි…. :/

    එ උනාට මචන් කටා කොපි කරනවා කියන්නෙ උබ ජනප්‍රියයි බන් 😀

  6. ඔය බ්ලොග් එක මගේ පොස්ට් වගයකුත් කොපි කරලා මටම කමෙන්ට් කරලා තිබුනා ලින්ක් එක දාලා… අනේ ඔය වගේ කොන්ද පන නැති අයගේ වැඩ වලට අපි අපේ පොස්ට් නැති කර ගන්නවත් ඒ අයට හිට්ස් දෙන්නවත් යන්නේ මොකටද? ඒ හින්දා ඕන දෙයක් කරගන්න නිකක් හිටියා

    ඔන්න අදයි මේ පැත්තේ ආවේ

    ජය

    • බෙලෙක් කටා

      ස්තුති සහෝ..අද ආවා..ඊයේ පටන් ගත්තේ.
      ජය

  7. එළකිරි එකෙත් ඉන්නවා මේ වගේ කොපි පේස්ට් කාරයෝ.මේ වගේ කොපි කරන අයට කීපදෙනෙක්ම සුහදව අවවාද දීල තිබුනා.ඒ අය හුගක් දැන් ස්වකීය නිර්මාණ එළි දක්වනවා.බ්ලොග් ලියන අපි හැමෝම එක පවුලක අය වගේ.අපි ලියන දේවල් වලින් 95% ක් පමන කියවන්නේ අපි වගේම බ්ලොග් ලියන අයම තමයි.අළුත් අයත් අපිට ඕන.මේ විදියට අවවාද දෙන එක හොදයි.මානුෂික බවක් තියෙනවා.මට හිතෙන්නේ මේක දැකල මෙයත් හරි මගට ඒවි.

    • බෙලෙක් කටා

      ඔව් සහෝදරයා ඒක මමත් පිළිගන්නව.ලියන අපිම තමයි ගොඩක් වෙලාවට කියවන්නේ.නමුත් ඒ ඇතුලෙ ලොකු පවුලක් තියෙනවා.
      ඔව් මමත් හිතනව මේ කොප්ප මල්ලි හැදේවි කියල.මානුශික බව කෙසේ වෙතත් හිතට වැදෙන්න ලියවුනා කියල මේ දුප්පත් බෙලෙක හිතනව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: