බෙලෙක් මල්ලීට පෙලවහක්

අම්ම ගහයි සැමන් ටිං එකකින්.අපේ අම්ම මට බෙලෙක් එකතු කරන්න සපෝර්ට් එකටයි,මාසෙකට බෙලෙක් විකුණල හම්බ කරගන්න රු 50,000 ටයි අනින්න වගේ යන්නෙ.පෙලවහක් කරගන්න කියලා ජප කරාව ගෙදර ආව වෙලේ ඉඳන්.

හෙන මහන්සියක් දීල රෙන්ට් එකට රෙක්ස්ටන් එක ගත්තෙ ගිය මාසෙ බෙලෙක් එකතු කරන්න යන්න ලේසි නිසා.රු 100 ක භූමිතෙල් ගැහුවාම කිලෝ මීටර 200 ක් යනව.ඒකෙන් තමා යන්තම් ලාබයක් ලබන්නෙ මේ බෙලෙකා.බෙලෙක් එකතු කරලාම දන් බෙලෙකට අවුරුදු 26 ත් පිරිල.තාම තනිකඩයනේ.ඉතින් මට උපන්දා ඉඳන් නිදහස් තිබ්බ.අම්මණ්ඩි ඒකත් නාන්නනේ යන්නෙ.

බෙලෙක් මල්ලිත් ඉතින් ඔය පව්ඩර් නංගිලා දැකල තිබ්බට ආසාවක් නැ.ඒකට බෙලෙක් මල්ලි දැක්කහම නංගිල එයාලගෙ ගොලු හදවත විවෘත්ත කරව ගන්න එනව මේ බෙලෙක ගාවට.මං ළඟ ඇණ් මුරිච්චි තියෙනම් කමක් නැ.මේ නංගිලට තේරෙන්නෙ නැ නේ විංකලේකට ගිහින් ගොලු හදවත විවර කරව ගන්ඩ.නැද්ද මං අහන්නේ?

බෙලෙක් මල්ලිත් ඉතින් අම්මගේ ජප කිරිල්ලෙන් බේරෙන්න බැරිම තැන බෙලෙක් නංගියෙක් බලන්න යන්න කැමති උනා.හැමදාම බෙලෙක් එකතු කරන රෙක්ස්ටන් එකෙන් යන්න ලැජ්ජයි වගේ නිසා අල්ලපු ගෙදර පොඩි එකාගෙ තැපැල් 90 ඉල්ල ගත්ත.ඒකෙන් යන්න ඕන බලන්න.

නංගිට ගෙනියන්නත් මොනව හරි ඕන නිසා යන ගමන් පාමසියෙන් ටෙට්නස් කියන ඉංජොස්සොං එක උස්සන් යනව.ඔය ඉන්ජොස්සොං එකේ නම කියපු අල්ලපු ගෙදර අන්ඩර්ටේකර් අයියාට තැන්කිව් එක.බෙලෙක් අතින් අල්ලල ජල භීතිකාව හැදුනොත්?කියන්න බැනේ බෙලෙකගෙ අතේ මලකඩ තියෙද කියලා.

බෙලෙක් මල්ලි හෙට කෙල්ලෙක් බලන්න යනව කිව්ව ගමන් මගේ අමාවකට පායපු පුන් සඳ වගේ කෙල්ලගෙ මූණ ෆ්ලැශර් එකක් ගැහුව වගේ බැබලුනා.ඒකිට මම අතින් අල්ලල ජල භීතිකාව හැදිල ඉන්ජොස්සොං ගහලම හොස්පිටල් එකක් වගන්න වුනා නෙ.ඒ දවස් වල ඇපලයෝද මොකක්ද නමක් තිබිච්ච එක.

මුල්ම පාර කෙල්ලෙක් බලන්න යනව කියන එකත් දණපොල් කටු එකට වදින්න බය වෙන වැඩක් වගේ.මතක් වෙනකොටත් දණපොල් කටු දඩ බඩ ගානව.ඒ උඅත් හෙට යන්නම එපාය.ආරම්භේ හොඳ උනොත් ඉස්සරහට ඒ එක්ස්පීරියන්ස් එකෙන් කෙල්ලො බලලා දවල් කැම වේල් 20 ක් 30 ක් ඉතුරු කරගන්න බැරියැ.

ඉන්වරල් එකත් ඉවරයි මේක ලියන්නම.රෙක්ස්ටන් එකේ යන්න ඕන ආයි බෙලෙක් එකතු කරන්න.එහෙනම් ගිහින් එන්නම්.කෙල්ලක් ගැන විස්තර මීළඟට.

හැමෝටම බෙලෙක් උන්නාන්සේගේ සරණයි!

Posted on 2011 June 20, in ආතල්. Bookmark the permalink. 16 Comments.

  1. හරි උබත් ඉවරයි එහෙනම් 😀

    අපිට උබේ පිහිටයි උබට දෙයියන්ගේ පිහිටයි 😛

    • බෙලෙක් කටා

      පිශුද මල්ලී.මේ බෙලෙකට කියවන්න ආවොත් සැමන් ටිං කරනව.ඔන්න බලපං.
      කිව්වට මොකෝ හෙට දවල්ට උයන්න දෙයක් නැ බං.ඒකයි මනමාලියෙක් බලන්න යන්නේ.මේකතාව කාටවත් කියන්න එපා දන්න 10 ක් 15 කට ඇර.ලැජ්ජයිනේ බං.
      😉

  2. හක් හක් බෙලෙකටත් කෙල වෙන්නයි යන්නේ දැන් එකතුකරපිය වෙනදා වගේ දෙගුනයක් බෙලෙක්….. තව ටික කාලයක් යනකොට ඒක තුන් හතර ගුණයක් වෙන්නෙ නැතෑ හි හි….

    • බෙලෙක් කටා

      අනේ කිඩෝ මල්ලී අපේ ඉක්කෝලෙ කියල දුන්නෙ 1+1=1 කියලනේ.ඒක වැරදිද බං?

  3. ඕකම තමයි මටත් වෙන්න යන්නේ. අපෝයි මෙහෙමත් වදයක්.

    එහෙනම් බෙලෙක් ගිහින් අමාරෙවේ වැටෙන්නකෝ. එල යෑ එලයෑ. අවුරුදු විසි හයක් කියන්නේ හොදම වයස නෙව. ඔන්න ඔහේ එක්ලාසයක් වෙයන් බං. හික්ස්….

    මගේ කතාව කියවන්න කැමතිනම් මෙතන කොටන්න.

    • බෙලෙක් කටා

      උඹ කියයි..මමනම් මචන් බත් වේල් 20 ක් වත් අදින්න හිතං ඉන්නෙ

  4. මම අදයී මේ පැත්තට මුලින්ම ආවේ.. ආපු ගමන් සුභ පනිවිඩයක්නේ දැක්කේ.. ගිහින් ඇවිත් කියන්නකෝ මොකැයි උනේ කියලා…

    • බෙලෙක් කටා

      සුභ? :-ඵ්
      ස්තුතියි සහෝදරයා.අවිත් විස්තරේ කියන්නම්කෝ

  5. හරිනෙ දැං ඉතිං… තව සිංහයෙක් හරකා වෙන්නනේ යන්නේ… ජය වේවා මචං…

    • බෙලෙක් කටා

      අනේ නරියො…තෝ තනිකඩව ඉන්නද යකෝ අච්චර පෝස්ට් දාන්න ඉකිපීරියන්ස් ගත්තෙ?
      ජය වේවා!

  6. හප්පා මරුනේ.!!!

    • බෙලෙක් කටා

      අයියෝ..හෙට මට මොකක් වේදෝ?නැන්දම්ම මට අල්ලගෙන නෙලාවි දෝ?

  7. සොරිම තමා…. කමක් නැ ඉතින් අපෙත් වෙලක් 2ක් පිරිමහගන්න්න බැරියැ වෙඩින් එකට ඇවිත්

    • බෙලෙක් කටා

      හානේ මල්ලියේ ඒකත් ඇත්ත නේ?
      අනේ මලේ මටනම් හෝටල් වලට ගෙවන්න සල්ලි නැතේ.අර කුරුඳු වත්තෙ බත් කඩෙන් මොනව හරි අරන් දෙන්නම්කෝ.
      බෙලෙක් පිඟානෙන් බත් කන්න පුරුදු වෙයංකො හෙට ඉඳන්ම.
      😛

  8. ඔන්න මම එහෙනම් සුබ පැතුවා …………

    • බෙලෙක් කටා

      ඔන්න එහෙනම් මම සුභ පැතුම භාරගත්තා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: