බෙලෙකා ණයක් ගනී.

උඹල දන්නවනේ බොලව් බෙලෙකා බෙලෙක් ටිකක් එක්කාසු කොරලා හම්බෙන පිච්චමෙන් ය ජීවත් වෙන්නේ කියලා.ඉහින් මේ බෙලෙකා කාලයක් තිස්සේ සොයං රැකියාටව පොටි ඉරපෝශන් එකක් ගහගන්න හිතාන ඉන්නෙ කාටවත් නොකිව්වට.ඉති ඒ පොරෝමෝසං එක ගහගන්න අතේ එක්කාසු වෙලා තිබ්බ පිච්චිය මදි නිසා බෙලෙක තීරනේ කලා බැංකුවකින් ණයක් අරගෙන හරි වැඩේට බහින්න.

ඉතින් බෙලෙකා පුරුස සත්තියත් අරගෙන පුරුදු සුපුරුදු කොට කලිසමත් ගහගෙන බැංකුවට ගියා ජීවිතේ පළවෙනි වතාවට.කළින් ගිහින් තියෙන එකක් කියලද?යනකොටම දොර ළඟ මූණ පුරා රැවුල වවාගත්ත අංකල් කෙනෙක් ඉන්නව තුවක්කුවකුත් උස්සගෙන.ඒක දැක්ක විතරයි බෙලෙක බය වෙච්ච පාර “යූ ආ අන්ඩර් ඇරෙස්ට්” කියාගෙන අත් දෙක ඉස්සුවා.

පොර ළඟට ඇවිත් “නැ නැ බය වෙන්න එපා” කියල ඇතුලට එක්කං ගියා.

අපෙ අප්පෝ ඒක බැංකුවක්ද? රෙෆ්‍රෙජිරේටරයක්ද මන්දා.සීත සුළං රැලි දසතින්ම සූ ගාල වැදෙනව.එතන හිටිය අක්ක කෙනෙක් ආයුබෝවං කිව්ව.මමත් ගුඩ් මෝනින් කියල.මට කෙරෙන්න ඕන වැඩේ කිව්ව මෙගෙම ණයක් ගන්න ඕන කියලා.

ආ සර් මේක පුරවගෙන ගිහින් කළමණාකාර මගත්තෙය හම්බෙන්න කිව්වෙ.කවුද යකෝ මම නොදන්න කළමනාකරු?අක්කෙ මට එක එක ඊව කියන්න එන්නෙපා මම් මැනේජර්ට කියනව.කියල ගිහින් පුරවන්න ගත්ත ඇප්ලිකේසන් එක.

නම:-තුත්තුකුඩි මුදියාන්සේලාගේ දොන් හරමානිස් ලෙනිසිනාලාගේ බෙලක් කටා

ලිපිනය:-තුන්කාල,යකඩ මාවත,බෙලෙක්ගම.

උපන් දිනය:-අප්‍රේල් 01

රැකියාව:-බෙලෙක් සොයා විකිණීම.

බ්ලා බ්ලා බ්ලා…ගියා මැනේජර් උන්නාන්සෙ හම්බෙන්න.

පොර මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.

මචං බෙලෙකා.මම කාක්කා

අම්මට හුඩු,කොහොමද මචෝ?

ඉන්නව මචං.මොකෝ මේ පැත්තෙ?

රු 50000 කණයක් ගන්න මචෝ.

හිටහං.

ඇරිය පර්ස් එක.දුන්න කාඩ් එක.

හවස් වෙලා අපේ පැත්තෙ වරෙන් මම දෙන්නම්.

[ඕං ඔච්චරයි කතාව.වෙන එව්ව වගේ ආතල් නම් නැතුව ඇති.කොහොම උනත් 11 වසරට එනකම් එකට හිටපු එකෙක් කාලෙකින් දැකල මේ වගේ සපෝර්ට් එකක් දුන්නහම කාටද සතුටු නැත්තේ.මෙන්න යාලුවෝ.]

Posted on 2011 June 22, in ආතල්. Bookmark the permalink. 14 Comments.

  1. අඩෝ බෙලෙක් උබනං පට්ටය.. උබේ බ්ලොගේ පැත්තේ එනවා කියන්නේ ගමකට හිනාවෙන්න බලන් ඒමකි…. සිරාවට මචං මම බොගේ බ්ලොග් එක කියවද්දි හිනාව නවත්තගන්නෙ කොච්චර අමාරුවකින්ද කියලා උබ දන්නෑ…

  2. බෙලෙක් කටා

    කිඩෝ මල්ලි ප්‍රතිචාරෙට තැන්කිව් වේවා.හිනා යනවනම් සතුටුයි මල්ලී.දිගටම ඇවිල්ල කියවන්නකෝ.

  3. බෙලෙක් අයියටත් ඉන්නේ පට්ටම යාලුවෝ නේ. එහෙම යාලුවෙක් ගෙන් අවශ්‍යතාවයකට උදව්වක් ගන්න තියෙනවනම් ඒක මාරම වටිනවා. කොටින්ම ෆ්‍රී ඉන්ටරෙස්ට් ලෝන් එකක් නේ !!!!! 🙂

  4. බෙලෙක් කටා

    ඒ වගේ මල්ලී.ඌ නම් හිත හොඳ එකා.

  5. අන්න නියම යාළුවො.. කල් ගත්තේ නෑ.. පොළි නෑ.. ණය පාස් ඉක්මනටම..
    ණය ආපහු දෙන්නේ කවදා විතරද??

  6. බෙලෙක් කටා

    තාම ණය ගත්ත විතරනේ…ඉස්සරහට බලමුකෝ.

  7. ආච්චි ගහයි බැට් එකෙන්.. සිරා ඇහ් 😀

  8. එල එල…… අලුතෙන් පටන්ගන්න වැඩේ ගොඩටම දාගනින්…

  9. ඔහොම යාලුවෝ ලබන්න උඹ ගොඩක් පින් කරලා තියනවා මචෝ…………

  10. බෙලෙක් කටා

    ඔව් බං ඒකනම් ඇත්ත

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: