බෙලෙකාගෙන් පාඩමක්

බෙලෙක ආතල් කතාම ලිය ලිය ඉඳල වැඩක් නැති නිසා අද ලියන්න හිතුව බෙලෙකා ඉගෙන ගත්ත පාඩමක් ගැන.බෙලෙකත් ඉතින් පුංචි පහේ ජොබ්ස් එකක් කරනව කියල හැමදාම මේ පැත්තෙ එන ඔහෙල දන්නව ඇතිනේ.කොහොමින් හරි බෙලෙකගේ ඔපිස් එකේ ඉන්නවනේ බෙලෙක වගේම නාහෙට අහන්නෙ නැති,මේසෙ උඩට ෆයිල් එකක් ආව ගමන්ම වැඩේ කරල අනිත් පැත්තට යවන සෙට් එකක්.[අනේ මගේ කට.ඒක වෙනම එකක්.]

ඉතින් මේකට අපේ බෙලෙක් කොම්පැණියෙ බොසාට මලේ මල වෙච්ච තැන අපටත් දැම්ම පොඩි ලෙක්චරස් පාරක්.දේශකයෙක් එහෙම ගෙන්නල අපිව හදන්න.[බොසා නාගත්තෙ ඔතන තමා.]ඉතින් දේශනේට කලින් දවසෙ බොසා අපිව ගෙන්නල නැ නැ බොසා අපි ළඟට ඇවිල්ල කිව්ව හෙට යුනිෆෝම් එකෙන් වරෙල්ල උඹලට දේශනයක් දෙනව කියල.

ඉතින් උදේ පාන්දරම 10.30 ට විතර බෙලෙක ගියා ඔපිස් එකට.දේසනේ පට්ටාන් ගෙන.බෙලෙක් කටාට සැමන් ටිං එකකිං ගැහුව වගේ වැඩේ උනේ.දේසනේ දෙන්නෙ කෙල්ලෙක්.බෙලෙක් මල්ලිත් වැස්සට ගිහිපු ඉස්කෝල වලට පින් සිද්ධ වෙන්න දන්න සිංහලෙන් එක්ස් (හචිං.) කියුස් මී ගාගෙන ඇතුලට ගියා.

නැ නැ ඒව ඕන නැ.වාඩි වෙන්න.ගිහින් වාඩි උනා කියමුකෝ.ඔන්න දැන් දේසනේ යනව.බෙලෙක කෙල්ල දිහා බලාගෙනම ඉන්නව.අම්මේ සිරියාව.ඔහොම ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට බෙලෙක කෙල්ලට වශී වෙලා වගේ.රූපත් ටික ටික බොඳ වීගෙන එනව.

එකපාරටම කෙල්ල ඇහුව කාටවත් ප්‍රශ්න තියෙද කියල

එක්ස්කියුස් මී ටීචර් ආ යූ බැඳලද?

ආයු බැඳලද කියල මම දන්නෙ නැ.[වටේම එවුං කන්න වගේ මං දිහා බලාගෙන.මුන්ට තේරෙන්නෙ නැ නේ බෙලෙක් කන්නෙ නැ,යකඩය කන්නෙ කියල.]

ඔන්න ඊට පස්සෙ තමයි බෙලෙක දේසනේ ටිකක් හරි අහං හිටියෙ.දෙවෙනි කොටස.ඔන්න දැන් පොජෙට්ටරෙන් රූප වගයක් දැම්ම.එකම රූපෙ උඩ යට මාරු කරල.

මෙන්න මේ වගේ එකක් තමයි දැම්මෙ.

කෙල්ල දැන් කියනව මිනිහෙට් අනිත් පැත්ත ගැහුවත් ඒ විදියට වැඩ කරන්න පුලුවන් මිනිහෙක් වෙන්නලු ඕන.අලුත් විදියට හිතන.අලුත් මිනිහෙක් වෙන්න ඕනලු.ඔය රූපෙ වගේම දෙපැත්තටම ඔට්ටු වෙන්න ඕන ලු.

නංගි ප්‍රශ්නයක්.

කලිසම් ඇඳන් ඉන්න අපටනම් අවුලක් නැ නංගි අනිත් පැත්ත ගැහුවට.නංගිලට කේස් වගේ නේද?

නැ අයියේ.අපි දැන් කලිසම් ඇඳලනේ මහන්නේ ඒ නිසා අපට පොඩි අවුලක්වත් නැ.

දෙවෙනි පාරටත් ඇදගෙන නාපු බෙලෙක කට වහගෙන ඉන්න තීරණේ කලාලු මීට පස්සෙ.

කොහොම හරි ඒ දේශනාවෙන් බෙලකා හොඳ දේවල් ඉගෙන ගත්තලු.

# කෙල්ලන් සමග ඕනවට වඩා කට ගහගෙන නොයාම.

# කෙල්ලෙක් කියන දෙයක් ගණනකටවත් නොගැනීම.

වගේ ගොඩක් කාරණා.

_________________________________

ඊට පස්සෙන්ද ලොක්ක කියපි අර කෙල්ල තෝ කරපු වැඩේ නිසා චාජස් ගත්තෙන් නැ.ආයි මේ පැත්ත පලාතෙ දේසන වලට එන්නෙත් නැ කිව්ව කියල.

Posted on 2011 June 23, in ආතල්. Bookmark the permalink. 16 Comments.

  1. ඔය වැඩේ ලෙසටම වෙන්නේ ගවුමක් ඇදන් හිටියොත් තමා. කලිසම් අදින අපට නම් අවුලක් නෑ.ඇත්තටම බෙලෙක් අයියා ඔය කියන දේශකවරිය ගොඩක් ලස්සන කෙනෙක්ද ? එහෙනම් මාත් එනවා දේශනේ අහන්න.

    • බෙලෙක් කටා

      කෙල්ල නම් ලස්සනයි මල්ලී.හැබැයි ඉතින් ඒකි ජීවිතේට මම ඉන්නකම් ආයි පැත්ත පළාතෙ එන්නෙ නැ කියලනේ..බලපංකො කරුමේ

  2. ඉතිං බං බලපංකෝ උඹ කොච්චර ලොකු උදව්වක්ද කරලා තියෙන්නේ කියාල බොස්ට…

    • බෙලෙක් කටා

      ඔව් බං.මම පස්සෙ දැනගත්තෙ ඒ කෙල්ල බොසාගෙ නැයෙක් ලු.අනිත් එක එදයින් පස්සෙ දේශන වලට අනිත් හැමෝම එවුන් යවනව.මාව යවන්නෙ නැ බං.
      😦

  3. අඩෝ බොලගෙ ඔෆිස් එක මරුනෙ යකෝ…
    එක්ස්කියුස් මී බෙලෙක් ඇයි උබ බදින්නද?
    හැක් හැක් පට්ටයි අර ගාන ඔබට ඉල්ලගන්න තිබ්බනේ…

    • බෙලෙක් කටා

      පිස්සුද මලේ.ඒ ගාන ඉල්ලුවනම් රස්සාවක් හොයාගන්න වෙනව.එතකං උඹද මට කන්න දෙන්නෙ?

      • ඇයි බන් ආපහු බැහැපන් බෙලෙක් රස්සාවට… ටිකක් මහන්සිවෙලා කීයක් හරි හොයාගෙන පටන් ගනින් බෙලෙක් ඒජන්සියක්…. ඔන්න ඔහොම දියුනුවෙලා පුලුවන්නං පරණ බොසාට බත් පැකට් එකකුත් අරන් දීපන්… හි හි

      • බෙලෙක් කටා

        ඌ බත් කන එකෙක් නෙවෙයි බං.ගිලිනව.ඒ නරියට බත් දෙනවට වඩා හොඳයි හරකුන්ට තණකොල කවනව

  4. තෝ නම් හදන්න බැරි බෙලෙක් කටෙක්…

  5. සැලී කුමරිය

    අයියාස් හොද වෑඩේ ඔනේ නෑති මගුල් කරන්ට යන්නවට ;D

    • බෙලෙක් කටා

      හොදි ඕන නැ නංගි.එදානම් ඇති උනා මට..
      ඒත් ඉතින් ඊට පස්සෙන්ද ඉඳන්ම වෙනද විදියටම තමා

  6. නදී...

    අපෝ මාර කටක්නේ.

  7. යකෝ බොසා ජාති ජාතිත් පින් කරලනෙ උඹ වගේ එකෙක් ලබන්න බං……….

  8. බෙලෙක් කටා

    ඔව් ඔව් බං…ඔපිසිය වගන්න උනොත් ඔන්න මං හින්ද නෙවේ අනිත් උන් හින්දා…

Leave a reply to සාතන් Cancel reply