බස් එකේ ලව් එක

බෙලෙකට ඊයෙ මුකුත්ම කොටන්න බැරි උනා නෙව.කෝ ඉතින් බෙලක බිසීනේ.කොහොම හරි මේ බෙලෙක ලියන්න යන්නේ බස් එකේ ලව් කරපු හැටි.
ඔහෙල දන්නවනෙ මේ බෙලෙක බෙලෙක් එක්කාසු කරල මාසෙට රු.50000 ක් විතරය හම්බ කරන්නෙ කියලා.ඉතින් ඕකෙන් කන බොන කොට 49500 ක් ඉවරයි.ඉතින් බස් එකට සල්ලි නොදී තමයි යන්නෙ.
බෙලෙකගෙ වෙලාවට බෙලෙකගෙ එකම පන්තියේ හිටපු ක්ලාස්මේට් ල බෙලෙකට වඩා උඩ තැන් වලට ගියා.ඒ වගේම උන් ටික තාම බෙලෙකට සලකනව.මොකද මම තමයි උන්වත් නරක් කලේ.ඉතින් උන්ට ඒව තාම මතකයි.
මේ කතාවට ඕන වෙන මගේ පන්තියේ ක්ලාස් මේට් ල දෙන්නයි.එකෙක් තමයි ඒ බස් එකේ කොන්ද.කොන් දොස්තර.කොන් දොස්තර කිව්වට බෙලෙකගෙ යාලුව බස් එකේ කොනකට වෙලා ඉන්නෙ නැහැ.හැම තැනම ඇවිදිනව.හැබැයි බස් එකේ අයිතිකාරයට හෙන ලැදියාවෙන් වැඩ කරන බුවා.කවදාවත් අඳුරන එවුන්ගෙන් සල්ලි ගන්නෙ නැ.
අනිත් එකා ඩ්‍රයිවර්.ඌත් අරූටම ගැලපෙන එකා.දෙන්නම මගේ බොක්කවල් නිසා මම හැමදාම යන්නෙ සල්ලි නොදී තමයි.
ඒක නිසා ඉතින් බෙලෙකත් බස් එකේ අයිතිකාරය වගේ තමයි ගියේ.බස් එකේ යන එන කෙල්ලො බෙලෙක දිහා බලාගෙන ඇස් දෙකෙන් මේ මගේ ගොලු හදවත විවර කරන්න කිව්වට බෙලෙක නෙවෙයි ගණනකටවත් ගන්නෙ.බෙලෙකට බෙලෙකගෙ කැල්ල මැණිකක්.
ඉතින් කරුමෙට මේ සීන් එක වෙච්ච දවසෙත් බෙලක ගියා බස් එකට නගින්න.
බස් එකට අත දැම්ම.නැග්ග.බෙලෙකගෙ යාලුවො දෙන්න නැ.බෙලෙක අතේ සල්ලිත් නැ.බහින්නත් බැ.බෙලෙක ඔපිස් යන වෙලාව කට්ටිය දන්නවනේ?
දැන් මොනව කරන්නද කියල කල්පනා කරනකොට බෙලෙක දැක්ක අර පැණි පෙරන කෙල්ලෙක්ව.
බෙලෙක කෙල්ලට ඇහැක් ගැහුව.[බෙලෙක දන්නව කෙල්ලොන්ගෙ තරම.යාලුවට බූට් එක තියල එයාගෙ හොඳම යාලුවව උනත් දාගන්න පුලුවන්.එච්චරට ගැණු ළමයින්ගෙ හිත් හොඳයි.]
කෙල්ලත් එහෙමමයි.හෙමීට කෙල්ල ළඟට කිට්ටු කලා.බෙලෙක්ගෙ වෙලාවට එතම සීට් එකත් හිස් උනා.කෙල්ල වාඩි උනා.බෙලෙකත් වාඩි උනා.දැන් සේප් එකේ මලක් කඩාගෙන යනව.ඔය අතරෙ තමා කොන්ද ළඟට ආවෙ.
බෙලෙක ටිකට් එක ගන්න හදනකොටම අර කෙල්ල බෙලෙකගෙ අතින් අල්ලල කිව්වනේ “ඔයා ටිකට් ගන්න එපා රත්තරං මම ගන්නං” කියල.[බෙලෙක දන්නව ඔහොම වෙනව කියල බෙලෙකගෙ එක්ස්පීරියන්ස් එකෙන්ම.]කෙල්ලගෙ ආසාවනේ මමත් ඉඩ දුන්න.
ඔන්න දැන් ටිකට් වැඩේ සේප්.ඊළඟට කෙල්ල බහින හෝල්ට් එකට ලං වෙලා.බෙලෙක කෙල්ලගෙ නොම්බරෙත් ඉල්ල ගත්ත.කෙල්ල බැස්ස.බෙලෙකත් බෙලෙකගෙ හෝල්ට් එකෙන් බැස්ස.
හවස් වෙලා බෙලෙක කෙල්ලට කෝල් එකක් ගත්ත ඔපිස් එකේ නොම්බරෙන්ම.අරන් කතා කලා.සතියක් විතරම ඔහොම මල් කැඩුව කියමුකෝ.
කවුද හිතන්නෙ මේ ලව් එකට මොකක් උනා ද කියල?
~~~~~~~~~~~~~~~~~~~.හිතන්නකො බලන්න.~~~~~~~~~~~~~~~~~~~
මේ බෙලෙක එක්ක යාලු වෙච්ච කෙල්ලගෙ අක්ක තමයි බෙලෙකගෙ ඔපිස් එකට දේශනේ දෙන්න ආව කෙල්ල.අක්ක කෙල්ලට සීන් එක කියල.කෙල්ල එදා ඉඳන් මේ බෙලෙක් දිහා ඇස් දෙකෙන් තියා එක ඇහැකින්වත් බලන්නෙ නැ.
බෙලක් වරදක් කලෙත් නැ නේ.බෙලෙක දන්නවය මේකිගෙ අක්ක අරකි කියල.එක්කො පිටේ බෝඩ් එකක්වත් ගහගෙන එන්න ඕන “බෙලෙකාගේ ඔපිස් එකේ දේශනේ දෙන්න ආව මිස් ගේ නංගි මම” ය කියල.

Posted on 2011 June 25, in ආතල්. Bookmark the permalink. 19 Comments.

  1. හික්ස්, සිරාවටම උබට වෙන්නෙ නම් වහ කාලා මැරෙන සීන් තමයි බන් 😀

    • බෙලෙක් කටා

      ඒකනේ බං කියන්නේ.මටමයි වෙන්නෙ.
      😦

  2. නදී...

    අනේ අපොයි මෙහෙමත් කොල්ලො

  3. උබ මොකක් හරි අසමත්ජාති වැඩක් කරන්න ඇති උපදේසක අක්කට 😛

    • බෙලෙක් කටා

      ඇයි බනී මල්ලි මම කිව්වෙ ඉස්සෙල්ල පෝස්ට් එකේ සීන් එක

  4. සිකේ බෙලෙකා යන යන තැන ඇන ගනීනෙ හි හි

    • බෙලෙක් කටා

      නැ මලේ…
      මම හිතන්නෙ මම යන්නෙම ඇනෙන තැන් වලට
      😛

  5. හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. මාරම සීන් එකක් නේ බෙලෙක් අයියටත් වෙලා තියෙන්නේ. පොලෝ පලාගෙන යන්න හිතෙන්න ඇති බෙලෙක් අයියට.

    • බෙලෙක් කටා

      පිස්සුද මල්ලී.මේ අයියට වැරදිලාවත් එහෙම හිතෙනවද?ආතල් එකට එදා බස් එකේ යන්න නැතිවට නේ බං යාලු කොරගත්තෙ

  6. අනේ අපොයි වස ලැජ්ජාවනේ බොල…..

  7. බෙලෙකා දැන් ටික දවසකට කලින් නේද බදින ගැනු ලමයා බලන්න ගියේ.. ඉතින් දැන් මේවා ආරංච් උනොත් ඉදලා හමාරයි…

    • බෙලෙක් කටා

      නැ නැ.ඒ ගැණු ළමය 60 පැනල බැන්දත් මාවනම් බඳින්නෙ නැ.

  8. සැලී කුමරිය

    හෆොයි අයියේ සුපර් අනේ කියන්ට දේයක් නෑහෑ එකේන්ම ශොයි හොදේ 🙂

  9. සාතන්

    උඹ මාර පොරක්නෙ බන්… පින්තූරයක් එවපන්කො… බිත්තියෙ ගහන්න…

    • බෙලෙක් කටා

      අපෝ පුලුවන්.ඔය දාල තියෙන පොටෝ එක බිත්තියෙ ගහගන්නකෝ

  10. මං හිතාන හිටියෙ මට විතරයි මේ වගේ දේවල් වෙන්නේ කියලා..දැන් බැලුවම එහෙම නෑ..හෙහ් හෙහ්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s