බෙලෙකා නෝන්ඩි වේ[ද?]

අනේ අම්මපා ඔහෙලට කියන්න මගේ බ්ලොග් එකේ ඊයෙ සහ අද දවසට 140 කට වඩා බලල.මටනම් ඉතින් ඉහේ මලක් පිපුන වගේ තමා.එහෙම කිව්වට ඒකත් වදේ බං.බොසා කැමති නැ නේ අපි කොණ්ඩෙ වවනවට.ඌ කියන්නෙම කොණ්ඩෙ කොටට කපල පිලිවෙලට හිටහල්ල කියල.මම ඉතින් බොසාගෙ සුවච කීකරු ගෝලය නිසා එහෙමම ඉන්න[හැටි දන්නව ඇතිනේ?] ව.
කොහොම හරි බෙලෙක බෙලෙක් කොම්පැණියෙ වැඩ කලාට එදා කිව්වත් වගේ ගොඩයන්න හිතාගෙන ඉන්න ප්ලැනට අනුව කොම්පීතර් කෝස් එකක්[ඩිග්‍රියක්] කරනව.මාස්ටර් ඉන් ඇම්.ඇස්. පේන්ට් කියල.
ඉතින් ඉතින් මේ කෝස් කට්ට වෙලාවෙ මේ බෙලෙක නෝන්ඩි උනාම ද මන්දා.උනාද නැද්ද කියල කියවලම බලන්න.
බෙලෙකගේ උපාධිය ඒ කියන්නේ මාස්ටර් ඉන් ඇම්.ඇස්. පේන්ට් එසේ මෙසේ එකක් නෙවෙන නිසාම එදා කතා කොලේ ඩේටබේස් ගැන.
ඉතින් බෙලෙකත් පැනල දිදී ඉන්නකොට ලෙක්චොර් එක පාරටම අහපි “මැසින් එකේ ඔපිස් තියෙනො නේද? කියල.
බෙලෙකට එක පාරට වයර් සෝට් උනා.අත උස්සල ලෙක්චරයෝ මගේ එකේ නැතෝ කිව්ව.
පන්තියෙම්ම මගේ විතරයි තිබ්බෙ නැත්තෙ.ඇඟ බේරගන්නත් එක්ක ඇම් ඇස් එකට බැනල සේප් උනා.පොස් වල ගුණ වැයීමකුත් කරලා.

පලි-
මේ සීන් කෝන් එක මම ලියන්න ගත්තේ මීට දවස් 3 කට විතර කලින්.බෙලෙකගේ තාස්සනික මෙව්ව එකක් නිසා අද තමා ඉවර කරගත්තේ.ලියන්න හිටි එකයි ලියවෙච්ච එකෙයි අහසයි පොලොවයි අතරෙ වගේ සුළු මෙව්ව එකක් ඇති.ගණන් ගන්න එපා.

Posted on 2011 June 28, in ආතල්, ඇත්ත. Bookmark the permalink. 10 Comments.

  1. ඔන්න අර 140 ගානට මාත් එකතු වුනා, පරණ ඒවත් හෙමීට කියෝල බලන්නන්කො….

    • බෙලෙක් කටා

      ස්තුතී ඔබ්සර්වර් අංකල්.කියවල හොඳ නරක කියන්න කෝ බෙලෙකට හැදෙන්න

  2. මාස්ටර් එකක් නෙමේ පී එච් ඩී එකක් කරන්න බැරි වෙයිද ? බෙලෙක් අයියත් මාරම වැඩ තමයි කරන්නේ.

    • බෙලෙක් කටා

      ඒක තමා මලේ.බකට් එකක් නැති උනොත් බාල්දියක් හරි වැටෙනව

  3. කලබල වෙන්න එපා බෙලෙක් ඔහොම ටික දවසක් යනකොට ඔයාගේ දවස් 2කට පැමිනිම 140 ගොඩාක් වැඩි වෙයි… මොකද පටන් ගත්ත දවස් වල මගේ 60.70 විතර තමා.. දැන් බ්ලොග්ර් අය්යලාගේ ස්ටැට්ස් වලට අනුව හැමදාම 1000 නම් පනිනවාමයි…

    ජය පතාගෙන දැනට ගිහින් ආයෙ එන්නම්කෝ

    • බෙලෙක් කටා

      එළනේ දේවෝ.එන්න එන්න ආයෙ වේලාවක එන්න

  4. ජය වේවා බෙලෙකා…….

  5. බෙලෙකෝ දිග ගමනකට මගෙන් සුභ පැතුම්….
    හැබැයි මට බොගේ පෝස්ට් වලින් අඩුවෙන්ම අල්ලලා ගිය පෝස්ට් එක තමා මේක…. අනිත් ඒවටයි මේකටයි ලකුණු දෙනවනං අනිත් ඔක්කොටම 80+ මේකටනං 35විතර තමා….

    • බෙලෙක් කටා

      ස්තුතී මලේ.ඔහොම කමෙන්ට් එකක් දාපු එකත් මට වටිනව.කොටින්ම මම මෙච්චර කාලෙකට ලබපු හොඳම කමෙන්ට් වලින් එකක් මේක.කොහොම උනත් ඒ කතාව මටත් තේරුනා.ඒකයි මම අර යටින් දැම්මෙ ලිව්ව එකෙයි,ලියවිච්ච එකෙයි වෙනස…
      දිගටම කියවන්න එන්නකෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s