ලෝකය හෙන බොල් ය.

ලෝකය ගෝලාකාරයි

මිනිසුන් විවිධාකාරයි

බෙලෙක ඉස්කෝලෙ යන කාලෙ ඇහිච්ච එක කතාවක් තමයි ඔය.අද මේ හද්ද ගොං ගහ,බෙලෙක කියන්න යන්නේ ළපටි කිරිසප්පය කාලෙ ඉඳන්ම මෙච්චර කාලෙයක් ඒ කියන්නෙ අවුරුදු 26 ක් ලබාපු ඇක්ස් පීරි ය න්ස් එකෙන් දැනිච්ච මෙව්ව වගයක්.අලුත් කරමේක ට කෙලින්ම සරලව කොටල දාන්නම්කෝ.හැලි ලියන්න කොහොමත් මේ මහ රැ බෙලෙකට බැ.හොඳට නින්ද යනව බෙලෙකට.

අද ලිපිය බොක උනොත් ඉතින් බෙලෙකගෙ වැරැද්ද නෙවේ හොඳේ.ඉරේ වැරැද්ද.

මිනිසුන් ඉපදෙති

කති බොති රස්සා කරති

කසාද බඳිති

පරපුර ගෙනියන්නට පැටවුන්ද ගසති

අනෙකාට ඉරිසියා ද කරති

වංචා කරති බොරු කියති

පින් කරති

ලොවට පෙනෙන්නට සිනාසෙති

මූනේ පුයර ගා ගනිති

එසේ නොවේ නම් උන් මිනිසුන් නොවෙති

ඒ මිනිසුන්ගේ හැටි

ඒත්  මම එය දකින හැටි?

පිටට පෙනෙන්නට ඇති

ඇතුල හිස්ව ඇති

ජැක් මැකරල් සැමන් ටින් එකක් වැනි…    

Posted on 2011 June 29, in දැනෙන දේ. Bookmark the permalink. 10 Comments.

  1. නදී...

    “එසේ නොවේ නම් උන් මිනිසුන් නොවෙති.”
    මේක නම් හරියටම හරි ඕං.

  2. ඒක හරි අයියා. මිනිස්සු ඉන්නකන් කරන විගඩම් දැක්කම එපා වෙනවා. හැමදේම කරන්නේ මේ පලක් නැති කුණු සරීරෙටද කියලා හිතනවනම් හරි නේ. එතකොට පිනට දහමට උනත් හිත යොමු කරගනී !!!

  3. බෙලෙක් කටා

    හ්ම්ම්.ඒකනම් ඇත්ත මලේ.මටත් ඔය හිතිච්ච මෙව්ව එකක් තමයි ලිව්වේ.

  4. ඒ මිනිසුන්ගේ හැටි

    ඒත් මම එය දකින හැටි?

    පිටට පෙනෙන්නට ඇති

    ඇතුල හිස්ව ඇති

  5. සාතන්

    කථාව නම් ඇත්ත… ඒත් මේ පින්තූරෙ දාල තියෙන්නෙ ජැක් මැකරල් සැමන් ටින් එකක නෙමෙයිනෙ බොල

    • බෙලෙක් කටා

      ජැක් මැකරල් ගූගල් ලොක්ක කන්නෙ නැ කියන්නෙ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: