Monthly Archives: July 2011

බෙලෙකාගේ ආදර උන්මාදය

ජීවයක් නැති වන බිමෙක
ඉන්නවා මම මග බලන්
මසිත හොරකම් කල මගේ රැජින
ඇවිත් ජීවය දෙන තුරා //

දිවා රැ මම සෙවූ රුව ඔබේ රුව බව හැඟෙනවා
ඔබ ලබන්නට සැමදා පෙරුම් පුරමින් ඉන්නවා
සිහිනයෙන් ඔබ හැමදාම විත් මගේ හිස පිරිමදිනවා
ඔය උකුලෙ හිස තබන් ඉන්නද සුසුදු වත දෙස බල බලා

ජීවයක් නැති…

හිතේ ලතැවුල නිවන්නට මගෙ ලඟට ඔබ එන සැටි බලන්
කල්පයක් වුව බලන් ඉන්නම් සමවැදී ඔබ ගැන සිතින්
ඉවසන්න බැහැ සිනාසෙනවා පෙම්බරෙක් ඔබ අත අරන්
මගේ වෙන්නට පතනවා මම සැම භවයක අතිනත අරන්

ජීවයක් නැති…

හායිශ් ලමායිස්.කට්ටිය මේ දවස් වල මේ බෙලෙකට මොකක් උනාද කියල හිත හිත උන්න කියල ආරංචියක් ආව.කොහෙද ඉතින් මේ බෙලෙකට මේ දවස් වල පපුවෙ අමාරුවක් ආදර මල් සර වැදිල ආතල් එක උපරිමෙන් ඉන්න දවස් නේ.ඉතින් ලියන්න නෝ අයිඩියා.පාලුවෙන් ඉන්න වෙලාවක හිතට දැනිච්ච දෙයක් ඔන්න අද මේ බෙලෙක්කෙ කොටල දැම්ම.හොඳ නරක කියන්නකෝ.