Back to මොන්ටිසෝරි

කාලෙකින් මේ පැත්තෙ ආව සටහනක් දාන්න කියල.බෙලෙකට මේ දවස් වල සිකුර හතේ ද කොහෙද.මාර අපල කාලයක් වෙලා බොලව්. 😦

මෙ බොලොග් මල සමයම කියවන උඹල දන්නවනෙ බෙලෙක පුංචි පහේ ජොබ් කට්ටක් කරනව කියාලා.ඉතින් මේ ජොබ කරද්දි හම්බෙච්ච ඕ.ටී පාරක් ගැන ඔන්න එහෙනම්.

බෙලෙකගෙ ඔපීසියෙ බොසා,[අපි ගුණදාස කියමුකො.] හෙන හොඳ එකා.මල යකා.හෙන කුණා.අපේ එවුන්ව මරව මරව වැඩ ගන්නෙ.මටත් ඕක නිසාම ආදරණීය බොසාව මතක් කරන්නවත් බැ.[දැනුත් හචිමක් යන්න වගේ.]

බොසා මොන සෙල්ලම් දැම්මත් මේ බෙලෙක විතරයි බේරිලා ඉන්නෙ.අනිත් උන් මැරීගෙන වැඩ.බෙලෙක මලක් කඩාගෙන නිදහසේ ඉන්න එක ට තමා අපේ එකා මට පඩි ගෙවන්නෙ.බොසා මේක දැනගත්තට ලෙඩ දාන්න ආවට මාව ඇල්ලිලි බොරු.මගේ කටට බ්‍රේක් නැ කියල දන්නවනේ.

ඔය කිව්වෙ පවුල් විස්තරයක්.නැ නැ.පසුබිම් විස්තරේ.ඔන්න දැන් තමා කතාව බිගින් වෙන්නෙ.

බෙලෙකගෙ බොසා,ඒ කියන්නෙ ගුනේ, බැඳපු පොරක්.පොඩි එකෙක් ඉන්නව මොන්ටි සෝරි යන.ඔන්න ඔය පොඩි එකා හින්ද තමයි අසරණ බෙලෙකට මොන්ටිසෝරි යන්න උනේ.ඊයෙ බොසා ඔපිසියට ආපු වෙලේ දුන්න මට උගෙ කාර් එකේ යතුර.

“බෙලෙක,තමුසෙ මට වද දිදී මේකෙ ආතල් අරගන්න එකේ සීමාවක් තියෙන්න ඕන.තමුසෙගෙ වැඩ ටිකත් මම ම කරන්නම්.11 ට ගිහින් මගේ පොඩි එකාව මොන්ටිසෝරියෙන් අරන් වරෙන්.”

ඉතින් බෙලෙකත් බොසාට මගේ වැඩ ටික පවරල ගියා උගෙ පොඩි එකා එක්කන් එන්න.ඒ මොන්ටිසෝරියෙ උගන්නන ගුරුවරු මාව දන්නව.මට ගෙන සැලකිලි.මොකද මමඉත් ඔය මොන්ටිසෝරියේ ඕල්ඩ් බෝයි කෙනෙක්.ගිය ගමන් පොඩි එකා කාර් එකට නග්ගගත්ත.

දැන් පොඩි එකාවත් දාගෙන බෙලෙක එනව පාර දිගේ.එක පාරට පොඩි එකා කියපි,”අංකල් අංකල් මට අරවයින් එකක් ඕන” කියල.

අංකල් කියන්නෙ මට කියල කවුද දන්නෙ?අනේ ඇත්තමයි බෙලෙකට අංකල් කිව්ව වසම වරතිය ඕක තමයි.මගේ එකෙක් උනානම් මම බලාගන්නව ඕකට.[ඔව් ඉතින් මගේ එකෙක් උනානම් මට අංකල් කියන්නෙ නැ තමා.ඌ කියන්නෙ තාත්තෙ කියලනේ.]

බැලින්නම් මූ ඉල්ලන්නෙ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්.ඔව්ව අරං දෙන්න මට සල්ලි තියෙන එකක්ය?බෙලෙක කිව්ව ඉතින් “පුතේ තාත්ත ඔයින් එකක් අරන් දෙන්න සල්ලි ගේන්න ගියේ,ගිහිපු ගමන් තාත්තගෙන් ඉල්ල ගන්න” කියල.ලොක්ක ඕන සෙල්ලමක් දාල බේරෙන්නෙ නැතැ.අනික බොසාටත් වැඩ වැඩි වෙන විදියට තමා වැඩ කරන උන් වැඩ කරන්න ඕන.

ඒත් මේ මී හරක් පැටිය අහන්නෙ නැ.බොසාගෙම එකා කියල පේනව හොඳටම.අඬනව ඉවරයක් නැ.බැරිම තැන දැම්ම කණ පැලෙන්න රේඩියෝ එක.ඒ සී ත් උපරිමේටම.ටික දුරක් එනකොට බෙලෙකට මුත්‍රා පහ වෙන්න රිදිල්ලක් ආව වම් අතෙන්.පොඩි එකා මගේ අත සොසේජස් කරනව.යන්තම් උගේ කටෙන් අත ගලව ගත්ත.

නලවගන්න බැරිම තැන ඇල්ලුව ගර්ල්ස්කූල් එකක් ගාවින්.මෙන්න මේක කිසි සද්දයක් නැ.ඉන්නවද නැද්ද නැ.අතිමට ඌව එක්කගෙන ආවෙ කෙල්ලො පෙන්න පෙන්න..

ප.ලි.-පොඩි එකාගෙ කටේ දත් 24 ක් වැඩී ඇත.සාක්ශිය තවමත් අතේ රතට රතේ තියේ.මව්තොමෝ ඇසුවේ “කෙල්ල සැපුවාද?” කියා ය.

ප.ප.ලි.-අද බොසාගේ මූඩ් එක හොඳ නැත.ඒ මදිවාට අත් දෙකේම වැලමිටට පහළින් වෙලුම් පටි දමා ඇත.පොඩි එකා බොසාව රිමෝට් කන්ට්‍රෝල් එකක් කරලා වගේය.අනේ අපේ බොසා ලබන ආත්මෙත් අපටම බොසා විය යුතුය.

Advertisements

Posted on 2011 July 5, in ආතල්. Bookmark the permalink. 10 Comments.

  1. ela ela..maru parikalpana wewwa ekakne thiyenne..pattai

  2. හනේ හනේ මෙහෙමත් කතා…. බෙලෙක්ම තමා..

  3. මූ පුදුම කොල්ලෙක් නේ. බෙලෙක් මල්ලිටත් සෙට් වෙන්නේ මාරම කේස් තමා !!!

  4. පොඩි එකාට දැම්ම තියලා සුරපුරය පෙන්නන්න එපා බොල…. එතකොට අනිත් පොඩි එවුවොන්ට හුලං නෙව.

    • බෙලෙක් කටා

      ඔක්කොම බොසා බේරගන්නෙ නැතැ.මට මොකෝ.බොසාටත් වැඩ තියෙන්න ඕනනේ

  5. අඩෝ තොගේ කුරුංගුරුං පාට් එකට වඩා මේක පට්ටයි බොල

    • බෙලෙක් කටා

      ඒ පාට් එක මොකක්ද බං මලේ?තේරෙන්න කියහංකෝ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s