බෙලෙකා:මෙන්න පෙන්නනවා

අම්මියො,තාත්තියෝ,මාමණ්ඩියෝ…..බ්ලා බ්ලා බ්ලා…කස්ටිය කොහොමෙයි?බෙලෙක් පුතාට යටිපතුල ගාවටම වැඩ ගොඩගැහිල තිබ්බ නිසා බොලොක්කෙ පැත්ත පලාතක අඩියක් තියන්න බැරි උනා නෙ.ඒකටත් එක්ක අද දවසම මාගේ බෙලෙක් නිවාසයේ අසනීප සුව විඳින්න සෙට් උනා.එහෙව් එකේ කොටල දාන්න ආව.අද සීනරීස් එක නම් සමහරුන්ට දිරවන එකක් නැති වේ.මට මොකෝ.හෙට උදේ ටිකක් කළින් නැගිටගත්තනම් අවුල් වෙන එකක් නැ.

ඔන්න මෙහෙමයි දැන් කතා ස්ටෝරිය ආරම්භ වෙන්නෙ.අහස දෙකඩ කරගෙන,මහ පොළොව ගුගුරුවාගෙන….  මේ බෙලෙක දවසක් කිව්වනේ අර…. මාස්ටර් ඉන් ඇම් ඇස් පේන්ට් කියල උපාධි ඩිග්‍රීස් එකක් කරන කතාව.අන්න ඒ මංගල්ලෙ තිබ්බ පහුගිය දොහේ.ඕකට එන්නෙ අවුරුදු 45-50 ක වගේ අක්ක කෙනෙකුයි.බෙලෙකගෙ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් කරපු,සා.පෙ.ත් කරපු,උ.පෙ.ත් කරපු දුවෙකුයි.

ඔය දූ නේද.අනේ අම්මපා…හරී නිවිච්ච ඩයල්ස් එක.පැසන් කරනව කිරිල්ලක් රෙද්දයි හැට්ටෙයි පරාදයි.එච්චරට සාන්තයි මෙයා.ඔය දූ සිඟිත්ත කතා ස්ටෝරිය වෙච්ච දවසෙ ඇඳන් ආවෙ සිල්ක් වගේ අත් නැති මෙව්ව එකකුයි,දණහිසට වඩා පොඩ්ඩක් කොට මෙව්ව එකකුයි.ඉස්කිනි යක් ද මොකක්ද[අනිත් උන් කිව්වෙ එහෙමයි.] එහෙකුයි.අරපිරිමැස්ම කෝමද නේ?[වෙන ඒව ඇඳන් එන්න ඇති මගෙන් අහන්න එපා එව්ව ගැන.ගහනව සැමන් ටින් එකකින් හරිද ඩෝ?]

දැන් කියන්නෙ සීනරීස් ඉස්ටෝරීස් එක වෙච්ච බැක්ග්‍රවුන්ඩ් පසුබිම ගැන.අහස උසට හදපු කොන්ක්‍රීට් වනන්තරේක පන්ති කලාස් එක.පිට බිත්ති වෙනුවට වීදුරු ග්ලාසස් දාල.තිර රෙදි දාල තිබ්බෙ.අපේ පාප මිත්තරයො ටිකත් ඉතින් වටේටම පේන්න ඔය තිර රෙද්ද පලල් ඇත් මැත් කරගෙන හිටියෙ.ටික වෙලාවකින් අපේ බුම්මැට්ටයෙක් පෙන්නපි අල්ලපු බිල්ඩිමක ඉන්න කොණ්ඩෙ පොඩ්ඩක්කත් නැති තට්ටයෙක් පන්තියට එබීගෙන ඉන්නව.එබීගෙන කිව්වට හතර පස් දෙනෙක් එක්ක ඔලුගෙඩි දාගෙන.

අර දිලිසෙන සුදු බෝල තට්ටෙ දැක්ක ගමන්ම බෙලෙකට ජම්ප්ඩ් ද ඉස්මයිල් කිව්වලු.ඇදුරුතුමා ඇහුව මොකද කියල.බැලින්නම් අපේ බුම්මැටි සෙට් එක නිමානය කොරපු විදියට අර දූ සිඟිත්තගේ කොහේට හරි තමා බැල්මට්ස් එක දාල තිබ්බෙ.අන්තිමට ඉතින් අර ඇත් කරපු රෙදිත් ආයි හදල දාල අපේ ටික ඉස්මයිල් ඊට් කොලා.

දූටත් තේරුනා ඒකි දිහා තමා අර සුදු බෝල තට්ටයා බලාන හිටියෙ කියල.මොනා කරම්ද ඉතින්?

ඒ දූ සිඟිත්ත බලෙන්ම වහගෙන ඉන්න ඕන හරිය පෙන්නන්න ට්‍රයිස් කොරනවා නම් බැලුවට මොකද වෙන්නෙ?

මේක කියවන පිරිමි අයට_{මේක කියවන ගැණු අයට පහළින් දාල ඇති.සමතැන දෙන්න බැරි වෙන එක ගැනනම් අනේ අම්මපා මගේ සාතිශය ප්‍රශංසාව}

එහෙනම් ඔහෙල ඔහෙලගේ දූ සිඟිත්තොයි,බිරින්දැවරුයි,කැලි බැලියි අඳින ඇඳුම් ගැන පොඩ්ඩක් හිතුවත් කමක් නැ නේද?කොච්චර උනත් තමන්ගෙ කෙනෙක්නෙ.වෙන සෙවෙලයන්ට අපේ අය දිහා බලාගෙන සෙවෙල පෙරන්න ඉඩ දෙන්න එපා.

මෙන්න ගැණු අයට_

තමන් දිහා බලාගෙන අනිත් අයට සෙවෙල පෙරන්න ඉඩ තියන්න කැමති නැහ නේද?ඒ විදියට ඔයාල සංවර වෙන්න.

දෙගොල්ලන්ටම_

කතාන්දර ලෝකයේ කිරුලු පළන් අපේ කතන්දර අයියත් මේ ගැන ලියල තියෙනව දැක්ක.මෙතනින් ගිහින් බලන්නකෝ එකත්.ලින්ක් එක හොයාගන්න විදියක් නැ.ඒ පෝට්ටුව කියවල ගොඩක් කල්.කතන්දර බොලොක් එකට ගිහින් හොයාගන්න බලන්නකෝ.

එහෙනම් බෙලෙකා ආයෙත් නින්දක් දාන්න යනෝ.

 

Advertisements

Posted on 2011 July 18, in ආතල්, ඇත්ත. Bookmark the permalink. 16 Comments.

  1. කට ඇරපං රුපියල් 5ක් දාන්න.

  2. හ්ම්ම් ඇත්ත කථාව..හුගක් අය දන්නේ නෑ තමන්ට තැනට ගැලපෙන්න අදින්න .මෙහෙම හරි ඒක මතක නැති අයට මතක් කොරලා දුන්නු එක නම් හොදා

  3. සාතන්

    මොනව කියනවද … ගොඩක් උන් හිතන් ඉන්නෙ කොල්ලො රහත් වෙලා වගේ ඉන්න ඕන කියලනෙ… පෙන්නන්න තියෙන ඔක්කොම පෙන්නල අපි බලන්න යනකොට අපිට රවන්නෙ හරියට අපි උන්ගෙ හිරි ඔතප් බිදින්න ගියා වගේ බන්…

  4. නියම ලිපියක්..

    අදිනවට වඩා නොඅදින එක පැෂන් එක කියලා ලෝකේ හිනස්සන විච්චූරණ ඇගේ දාගෙන, දැන හෝ නොදැන අහිංසක කෙල්ලෙක්ටවත් පාරේ යන්න බැරි සමාජයක් හැදෙන්න උඩ ගෙඩි දෙන අක්කලා නංගිලා කාටත් හොද කනේ පාරක්…යාලුවේ…

    • බෙලෙක් කටා

      ස්තුතී කමෙන්ටුවට.පණිවිඩයක් දෙන්න පුලුවන්නම් ඒකයි මට වටින්නෙ.

  5. melo rahak ne ban attatama. poddak hitala liyapanko wadagath yamak hari hina wenna puluwan uba ape kalya kanawa

    • බෙලෙක් කටා

      මිතුර,මම ඔබව බලෙන් මෙම අඩවියට ගෙන්වා ගත්තේ නැත.අදාල පෝස්ටුව මට අවශ්‍ය ලෙස ලීවෙමි.තවද මෙම පෝස්ටුව ලීවේ හිනා වන්නට නොව,පණිවිඩයක් දීමටය.ඔබට සිතු වූ දේ ගැන කණගාටු වෙමි.

  6. ඕං එහෙනං තහනං ප්‍රශ්නේ අහන්නයි යන්නේ…… අර දැරිවි යටට ඇදලද හිටියේ?????

    • බෙලෙක් කටා

      දන්නෙ නැ බොල.අර තට්ටයගෙන් ඇහුවනම් කියයි.
      😉

  7. කටට සීනි අහුරක් දාන්න වටිනවා.
    තාම කතාව එඩිට් කර කර ඉන්න හැඩයි. ඒකනේ කපලා කොටලා තියෙන්නේ. බෙලෙකා කතා ලියන්නේ මම ෆොර්ම් පුරවනවා වගේ ක්‍රමේට. කෑල්ලක් ලිව්වොත් ඒක කපන්න වෙනවා. 🙂

    • බෙලෙක් කටා

      කප කප හරි ලිව්වනේ මලේ.සීනි ආ හා හා දාන්න දාන්න.සීනි කිලෝ එක 106 යි නෙ දැන්

  8. අඩෝ උඹෙ කතාව තමයි කතාව නියමයි ඈහ් කෙල්ලො වඩි හරියක් ඔහොම්මමයි.අපි බලනව දැක්කොත් බොරුවට ඔරවනවා හැබැයි තව ටිකක් බලපන් කියලා වැඩියෙනුත් පෙන්නනවා….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: