බෙලෙකා ට්යුසැං යයි

අද තිබ්බ නෙව උසස් පෙළ 2012 ලියන කොලු ගැටවුන්ට(මුංගෙ ගැටේ කොහෙද අහන්නෙහෙම නැ. 😛 )යි,ගැටිවියන්ටයි මොකද්ද මන්දා විභාගයක්.සුදු පරෙවි රෑන සේ පාර පුරා යන මුන්දැල සෙටාර් එක දැකල බෙලෙකටත් මතක් උනා හත්වලාමේ මමත් වැස්සකට ඇර අනිත් හැම රෙද්දටම ඉස්කෝලෙකට ගොඩ උනා කියල.(කාටද ආඩම්බර?) :O

ඔහොමින් කොහොමින් හරි ඔය සිස්සත්තෙ පාස් වෙලා බෙලෙක ට කැම්පස් විද්‍යාලෙ යන්න බැරි උනා කියමුකෝ.නැ නැ අම්ම බෙලෙක්කෙන් ගැහුවෙ නැ.එපාර ආපේ ද?සාපේ ද මොකද්ද එකක් කොරන්න කිව්වනෙ.ඉතින් මේ කුරා කූඹියෙකුට වරදක් නැති බෙලෙක ඕක කොලා කියමුකෝ.
විභාගෙ කියන එක කිට්ටු කාලෙ තමා මේං මම මේ කියන්න යන සංගෙදිය වුනේ,කිව්වට කොලේ.

විබාගෙ කිට්ටු නිසා අපේ ට්ය්‍යුසැං පන්ති කලාස් එකේ දැම්ම පුනරීක්සන ද මොකක්ද එකක්.
අපරාදෙ කියන්න බෑ අප්ප අපේ ආජරණීය ඇදුරුතුමා.හැඩරුව කිව්වොත් උසයි,මහතයි,කෙට්ටුයි,කොටයි,තලෙලුයි.ඔය ඔක්කොම ලක්සන සර්ට තිබ්බ.
ජිරාප් කියන එකාට වඩා පොඩ්ඩක් උසයි,අලියෙක්ට වඩා ජූංජක් මහතයි.හිපපොතේ මස් කෙන්ට වඩා කෙට්ටුයි.(දැක්කහම අනේ හත් දවසකින් වියායාමයක් කරල නැ කියල හිතෙන ගානට.)
ඔය සර්තුමා කොච්චර උනත් අපේ එවුන් සට් එක එක්ක පිටේ පිට්.පන්තියට ගියත් අපි උගන්නනව,සර් අහං ඉන්න ගානට. 😀

ඔය පන්ති කලාස් එක තිබ්බෙ යකඩ යකා යන පාරක් අද්දර.ඒ හරියෙ ඔය යකා යන පාරෙ වලවල් තිබිල කොට කොට තමා ගියේ.ඔය කලාස් එක දවසක් ඉන්ටර්විවේකෙ සෙට් උනා යකා යන්න කලින්.
අපේ සිඟිති කොලු ගැටවුන්ට ආතල් එක උපරිමෙන්.
අනේ අම්මපා බෙලෙක කියවන ඔහෙලට කියන්න මුං තිබ්බ නේද ගලක් අර යකාගෙ පාර උඩින්.
තියල පන්තියටත් අවිල්ල මුන් හිමිජ්ජො වගේ ඉගෙනගන්නව කියමු.
ටිකකින් හූඌඌඌ කියාගෙන යකා ආව.
ම්හු වෙනද වගේ නෝ කෙටිලි.කෙලින්ම නැවත්තුව.
යන පාටක් ඇත්තෙම නැ.
ටිකකින් කෝච්ච්ට්‍රේන් එකේ ජේලර් නැ නැ සෙකුරිටි මහත්තය ඇවිල්ල මේං මේ වගේ ස්තුති කතාවක් කොලා අපේ ඇදුරු සර් තුමාට.

“සර් මොකද්ද සර් ගුරුවරයෙක් නේද?සර් උගන්නනවනම් උගන්නන්න මේ වගේ බලු වැඩ නොකර.අපටත් පරක්කු වෙනව.ඒ වගේද අනතුරක් උනානම්.සර් උගන්නනවනම් පව් නොදී උගන්නන්න සර් අපට වද දෙන්නෙ නැතුව.ම්හ් ම්හ්…(හුස්මක් හුස්මක්.)විලි ලජ්ජ නැති වඩ කරන්න එපා සර්.ගුරුවරයෙක් නේද?ආදර්ශවත් විදියට ඉන්න ඕන කෙනෙක් නේද මේ වගේ කැත වැඩ කරන්නෙ….බ්ලා බ්ලා බ්ලා….”
සර්තුමාට නිකන් ඇඬෙන්න වගේ.අයි හත්වලාමෙ හෙන ගහන්න වගේ එකපාරටම මිනිහෙක් ඇවිත් හුස්මත් නොගෙන බැනගෙන යනකොට? අපේ එව්වොන්ට නම් පුල් ආතල් ඉතින්.

ඕන් ඔහොමයි එදා අපේ යස්ස සංගමේ එව්වො ටික අදුරු සර්ව චාආආආ කොලේ.එහෙනම් ගොහින් එඥ්ඥං.බායී.යූසී.

Posted on 2011 October 22, in ආතල්, ඇත්ත. Bookmark the permalink. 3 Comments.

  1. උඹ ආයෙ ලියනවද බං… එල එල …

  2. සාදරයෙන් පිලිගන්නවා ………

  3. අම්මෝ සෑහෙන කාලෙකට පස්සේ බෙලෙක් මල්ලි ඇවිත් තියෙන්නේ.

Leave a reply to මධුරංග Cancel reply