බෙලෙක් කටා : උණවටුනේ නාන්න යයි.

කොළඹ රටේ කෙක්ස් වල අඩිය ගෙවෙනකම්,කරත්තෙත් දක්කං ගොහින් බෙලෙක් එක්කාසු කොරන බෙලෙක ට්‍රිපක් යන්න සෙට් උනා.ඉඳල හිටල යන ට්‍රිපක් නිසා වෙනදට වඩා ටිකක් වැඩිපුර වියදං කොරන්න පිච්චියක් අතේ තිබ්බා කියමුකෝ.
ඔහෙලට කියන්න ලියන්න (මං දන්නව තොපි මම කොහොම කිව්වත්,ලිව්වත් පිලිගන්නෑ කියල තොපි.එච්චරට මාව විස්සාසයිනෙ.)මේ පාර ගියේ මූද බලල නාල එන්න කියල.කොළඹ ඉතින් මුහුදක් කියල තියෙන එකක්ය?
සෝ ඉතින් මිස්ටර් බෙලෙක,ගැන්සියේ තව කොල්ලො 2නෙකුත් එක්ක නාන්න යන්න සෙට් උනා.(අම්ම කිව්ව යකෝ සවර් එකෙන් නා ගනින් කියල.කෝ ඇහැව්වද ඇහැව්වද?නෑ පින්වතුනි.)බෙලෙකයි යාලුවි දෙන්නයි ගියේ ඉතින් ලෝකප්පරසිද්ද උණවටුනෙ.(නෑ බොලව් අසයිලම් එකට නෙවේ.බීච්.බීච්.)
බෙලෙකගෙ ආසාව නිසාම අයිවේ එකේ යන්න තමා අරුන් දෙන්නත් සෙට් උනේ.උන් ඕකෙ ගිහින් තිබ්බට මේ අසරණ බෙලෙක ගිහින් නෑ නොවැ.

ඕං ඉතින් ට්‍රිප යන දවසත් උදා උනා කියමුකෝ.ඔය දවස එනකම් නිදි නෑ මේ බෙලෙකට.කොටින්ම කිව්වොත් ට්‍රිප යන දවස වෙනකම්ම උදේට අඬලන්න කුකුල ඇහැරෙව්වෙත් මේ බෙලෙක.(ඊට පස්සෙ දවස් දෙකක් තුනක් කුකුලට නැගිටින්න පරක්කු උන එක වෙනම එකක්.ඈ…)
අපේ අප්පොච්චල උගන්නල තීන විදියට ගමනක් යනකොට “නාකියා”ගෙන උදේටත් දත් මැදල කිලීන් සෝටයි,සර්ට් එකයි,ටයි එකත් දාගෙන අරුන් දෙන්නට සෙට් වෙමු කියල තිබ්බ මහරගම බස් ඉස්ටෑන්ඩ් එකට ගියා.

අරුන් දෙන්නත් ආව කියමුකෝ ඉතින් අපේ ට්‍රිප යන්න හිමිදිරි පාන්දර කුකුළත් අතින් අරගෙන කුඩේකුත් ඉහලගෙන අව්වට.අනේ මගේ වාචාල කට ඉතින්.කොහොමින් හරි බස් එකේ නැගල වාඩිත් උනා.
ආහ් කියන්න අමතක උනානෙ.අපි ට්‍රිප ගිය බස් එකේ හතර කොනේ ම කලු පාට රවුම් රවුම් රෝද තිබ්බ.මේ රටේ කිසිම දෙයක් හරියට නෑ කියන්නෙ එක රෝදයක්වත් හරියට තද කරල නෑ.හතරම කැරකෙනව.

බස් එකේ ඇතුල.අම්මාහ්….බලන්න එපයි ඒකෙ සැප.බස් එකටම සුවඳ ගහන්න එකම එක සුවඳ කැටයක් තිබ්බ.ඒසී එකත් ගින්දර වගේ.හීතල කෙසේ වෙතත් දාඩිය නම් නොදාන ගානට ම තිබ්බ.ඕන් දැන් කෝමින් හරි අපේ බස් එක කොස්ටාවෙන් ඇතුල් කොලා කියමුකෝ.අප්පා පාරෙ පලල.බය නැතුව අරල තියල 40 ට විතර පාගන්න පුලුවන්.ඇයි හත් දෙයියනේ අර වැටට ඩැමේජ් එකක් උනොත් ගෙවන්න සල්ලි කෝ?

වැට කිව්වම තමා මතක් උනේ.වැට තමයි වැට.ඔව් ඉතින් වැට තමයිනෙ වැට.පාර දෙකට බෙදන්න වැට ගහල.අයින් දෙකෙනුත් වැට ගහල.ලංකාව හින්ද හොඳා ඉතින්.වැට පැන පැන ඉන්න.
පාරෙ ඇඳපු ඉරි නම් සාටර්…..පාරෙ තමන්ගෙ ලයින් එකේ පිට පැත්තෙ තියෙන ඔක්කොම ඉරි සුදු පාට වෙලා.අර ඇතුල් පැත්තෙ ඉර විතරයි කහ පාටට තිබ්බෙ.
ඕන් එක්තරා තැනක පශ් කුශ්ටිය පාරට ඇවිත්.නූලට ගානට ලයින් එක සුද්ද කොරල තිබ්බ.ඒ දවස් වල නම් එච්චරයි.ලංකාවනේ…
මාමා…කොන්දොස්තර මාමා…නැන්දා කොන්දගෙ නැන්දා…….

ඔය බස් එකේ ගිය සින්දුවක් නම් නෙවේ.කො.මාම මතක් වෙච්ච ආතල් එකට දැම්මෙ.අපරාදෙ කියන්න බෑ සීට් ගානට මගීන්.බාග නෑ.කෙලින්ම එක ගමනට 470යි.ඕන්නං ඉතින් අයිවේ එකෙන් එලියට දැම්මම මග බහිතෑකි.කෝකටත් වෙලාවක ඔය බස් එකේ මහරගමින් නැගල කොට්ටාවෙන් බහින්න ට්‍රයි කොරන්න ඕන.

බස් එකේ ගිහින් ඉතින් ගාල්ලෙදි ගාලු පාරට දාන හන්දියෙන් බෙලෙකයි යාලුවො 3 දෙනයි බැස්ස…බැහැල ටිකකින් තමා මතක් උනේ අපේ එකෙක් නාන්න ගෙනාපු ජොකා ඇඳුම බස් එකේ කියල……

උණවටුන මුහුදේ මහ දවාලේ අපි නාපු හැටි…මීලඟ ලිපියෙන්…

Advertisements

Posted on 2012 December 12, in ආතල්. Bookmark the permalink. 1 Comment.

  1. eඑහෙනම් ඊළඟ ටිකට කොටු දාන්න වෙයි වගේ මගේ හිතේ!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: