Monthly Archives: October 2014

තටු සලා ඉගිලෙන්න 1 | තවත් හමුවීමක්

හ්ම්ම්..මම බෙලෙක…මේ මම කියන්න යන්නෙ මගේ කතාව…ඔක්කොටම කලින් මෙන්න මේ දේ කියන්න ඕනෙ..ඇත්තටම මම මේ ලියන්නෙ හිතේ තියෙන කලකිරීම නැති කරගන්න මිසක් වෙන කිසිම දේකට නෙවේ.ඒ වගේම මේ දේ නිසා කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කරන්නත් නෙවේ.ඒ නිසා කියවල,කැමතිනම් අදහස් දක්වල යන්න.එතනින් එහාට බෙලෙක කියන්නෙ කවුද කියල හරි,මම කියන කතාවෙ ඉන්න චරිත ඇත්තටම කවුද කියල හරි හොයන්න යන්න එපා.බෙලෙක කියන්නෙත්,මේ කතාවෙ අනිත් චරිත කියන්නෙත්, සමාජයේ ජීවත් වෙන මිනිස්සු කියන එකත්, මේ වගේ දේවල් වෙන්න පුලුවන් කියන එකත් තේරුම් අරන් ජීවිතේට ගන්න යම්කිසි පාඩමක් තියෙනවම් ඒක ගන්න එකත් වෙනවනම් ඒ ඇති.

මේ චරිත එකක්වත් ඇත්තට මුණ ගැහුනොත් මේ ගැන අහන්න එපා.මේ දේ කියෙව්ව බවවත්,මෙහෙම දෙයක් බ්ලොග් එකක තිබුන බවකුත් අමතක කරල දාන්න..එච්චරයි.


මම බෙලෙක.විශ්ව විද්‍යාලය හා පදිංචි නිවස අතර දිනපතා ගමන් කරන්න තරම් හැකියාවක් නැමැති පැත්තක හැදුන එකෙක්.ලංකාවෙ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සාමාන්‍ය,මධ්‍යම පාන්තික ආර්ථිකයක් තියෙන පවුලක සිසුවෙක්.ඒ වගේම සාමාන්‍යයෙන් යම්කිසි පිරිසක් ඇදගෙන යන්න, එහෙමත් නැත්නම් කට්ටිය ෆෝම් එකේ තියාගෙන ටාගට් එක යන්න පුලුවන් හැකියාවක් තියෙන එකෙක්….
අන්න ඒ දේ නිසාම විශ්ව විද්‍යාලෙ පලවෙනි වසර පලවෙනි අර්ධ වාර්ශිකයෙදිම යම්කිසි පිරිසක් මගේ වටේ එකතු වෙනව.මම ඉගෙනගන්න විශයයන් එක්ක අවුරුදු ගානක් එකට ඉඳල මටත් ඒ උගන්වන දේවල් ගොඩක් දුරට පුරුදු නිසා වටේ ඉන්න උන් ටිකට කුප්පි දදා හරි උන්ටත් ඒ දේවල් හොඳට පුලුවන් වෙනව දකින්න හදවතින්ම ආස කරන එකෙක්.ඒ නිසාම ගොඩක් උන් මට ආදරේ කලා.පවුලෙ එකෙක් වගේ…කට්ටිය සෙට් වෙලා කෑම කනකොට බෙලෙක නැත්නම් එක බත් එකක්වත් දිග ඇරෙන්නෙ නැති තරමටම උන් මගේ පවුල වුනා…
ඔය අතරෙ තමයි මට මේ කියන චරිතෙ මුණගැහෙන්නෙ…අඳුරන බැචී කෙනෙක්ම පෙන්නපු එයා බෙලෙකගෙ වයසෙමයි.මම එයාව ඇනා කියල හඳුන්වන්නම්.බෙලෙක සාමාන්‍යයෙන් සමවයස් කාන්තා චරිත වැඩිය ගනනකට නොගන්න නිසාම නිකමට හිනා වෙලා,වචනයක් දෙකක් උඩින් පල්ලෙන් කතා කරල පාඩුවෙ හිටිය.
ඔය අතරෙ තමයි බෙලෙකගෙ බැච් එකට ගෲප් ප්‍රොජෙක්ට්ස් ලැබෙන්නෙ…ඔන්න ඔය ගෲප් හැදෙද්දි බෙලෙකගෙ දකුණු අත වගේ හිටපු හොඳම යාලුවෙක්(මම එයාට ඩැනියෙල් කියන්නම්.) වෙන ගෲප් එකකට වැටෙනව.බෙලෙක තමන්ගෙ ගැන්සියෙ වෙන ටික දෙනෙක් එක්ක වැටෙනව.අන්න එහෙම අනිත් ගෲප් එකට වැටෙන ඩැනියෙල් පස්සෙ ඇවිල්ල මට කියනව “මචන් අර එදා කතා කරපු කෙල්ල අපේ ගෲප් එකේ.ඒකි මාරයි බං.ගෲප් එකේ උන්ටවත් ෆෝන් නම්බරේ දුන්නෙ නැහැ.එෆ්.බී. එකෙත් නැහැ.එෆ්.බ්. ආවම ලින්ක් එක දෙන්නම් උඹටත්” කියල.ඒකත් බෙලෙක ගානකට ගන්නෙ නැහැ.
කොහොමින් හරි ඊට ටික දවසකට පස්සෙ තමයි ඩැනියෙල්ගෙන් බෙලෙකට ඇනාගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක හම්බෙන්නෙ.
ඩැනියෙල් එවන ලින්ක් එකෙන් බෙලෙක ඇනාව ඇඩ් කරගන්නව..ඒත් එක්කම අනිත් පැත්තෙන් ඇක්සෙප්ට් වෙනව.ඉතින් බෙලෙක නිකමට වගේ චැටක් දානව…ඔය අතරෙ තමයි ඩැනී කියන්නෙ “මචන් ඇනා මගේ මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නැහැ.උඹේ ඒවට රිප්ලයි කරනව නේද?” කියල.අන්න ඒ වෙලාවෙ තමයි බෙලෙක තේරුම් ගන්නෙ ඩැනියෙල් ඇනාට ට්‍රයි කරන්න ගිහින් චාටර් එකක් වෙලා කියල…
කොහොම හරි ඔහොම යද්දි ඇනා බෙලෙක එක්ක චැට් කරන්නත්,ඩැනියෙල් එක්ක චැට් නොකරන්නත් හේතුව වෙන්නෙ එහෙම කරන එකෙන් ඩැනියෙල් ගැන ඇනා තුල කිසිම හැඟීමක් නැහැ කියන්න…
ඇනා බෙලෙක එක්ක කතා කරද්දි කිව්ව දේවල් වලින් බෙලෙක කාරනා 4ක් තෙරුම් ගත්ත…

1.ඇනා ප්‍රේම සම්බන්දයක ඉඳල,ළඟකදි ආව ප්‍රශ්න නිසා අවුලෙන් ඉන්නෙ කියන එක.(බැලුවොත් ඇත්නම් සෝක මූඩ් එකේ අවුලෙන් හිටියෙ දිගටම.සැරෙන් සැරේ අඬන ගමනුත්.)
2.ඇනාට බැච් එක ඇතුලෙ හොඳ යාලුවො සෙට් එකක් හම්බෙලා නැහැ කියන එක.
3.ඇනා අපේ විශ්ව විද්‍යාලය තියෙන නගරය ආශ්‍රිත ප්‍රදේශයට අකමැතියි කියන එක.
4.ඇනා මේ තත්ව යටතේ හිටියොත් ලඟදිම උපාධ්ය නවත්වල ගෙදර යනව කියන එක.

ඔය කිව්ව ඒවයින් 4 වෙනි කාරණය නිසා බෙලෙක තීරණය කරනව එහෙම නොවෙන්න උත්සාහයක් දාන්න.මොකද මට ඇත්තටම ඕනෙ උනේ උපාධිය නවත්තල ගෙදර යන්න හදන එකෙක්ව නවත්තල, උපාධිය ගන්න තැනට අනිත් උන් ටිකත් එක්කම ඇදගෙන යන්න.අන්න ඒ නිසා හොඳ යාලුවො ටිකක් හැදෙන්නත් එක්ක බෙලෙක ඇනා ගැන තමන්ගෙ ගැන්සියෙ අයට කියල ඇනාව තමන්ගෙ ගැන්සියට ගන්නව.
ඇනාට වෙලා තියෙන දේ දන්න නිසා බෙලෙක වැඩිපුර ඇනා ගැන බලනව.ඇනා ඉස්සරට වඩා හොඳට වැඩ කරන්නත්, පොඩ්ඩ පොඩ්ඩ ප්‍රශ්න වලින් මිදිල සාමාන්‍ය වෙන්නත් පටන් ගන්න එතන ඉඳන්.
අන්න ඒ අතරෙදි තමයි ඇනා සහ බෙලෙක අතරෙ ආදරයක් පටන් ගන්නෙ.(හැබැයි ඇත්තටම ඒ ආදරේ පටන් ගන්න බෙලෙකගෙ පැත්තෙන් හේතුව ඇත්තටම ආදරේ ද,එහෙම නැත්නම් අනුකම්පාව නිසා ආදරේද කියන්න බෙලෙක අදටත් දන්නෙ නැහැ.)
බෙලෙක සහ ඈන් අතරෙ මේ සම්බන්දෙ නිසාම පොඩ්ඩ පොඩ්ඩ බෙලෙකගෙ ගැන්සිය අවුල් යනව.ඒත් ඇනා බෙලෙක එක්ක යාලු වෙලා ඉඳිද්දිත් තමන්ගෙ පරන බෝයි වෙච්ච ජෝන්(නමින් හඳුන්වන්නම්.) ගැන මතක් කර කර අඬන එකේ වෙනසක් වෙන්නෙ නැහැ.
බෙලෙක මේ දේ මුල් දවස් වල ඉවසුව උනත් හැමදාමත් ඉවසන එක ලේසි වෙන්නෙ නැහැ.ඒත් කිසිම දවසක ඒ දුකට බෙලෙක ඇනාට පේන්න අඬන්නෙවත්,ඇනාට අඬන්න එපා කියන්නෙවත් නැහැ.මොකද බෙලෙකට ඕනෙ උනේ ඇනාගෙ හිතේ තියෙන දුක කොහොම හරි පිට කරවල එයා හිනාවෙනව දකින්න.ඒ දේ දකින්න මේ විදියට බෙලෙකට කොච්චරක් රිදුනත් කමක් නැහැ කියන තැනට බෙලෙක හිත හදාගෙන හිටියෙ.ඒ මොන දේ වුනත් බෙලෙක ඇත්තටම ඇනාට ආදරේ කලා…
හැබැයි ඇනා ජෝන් ව මතක් කර කර ඇඬුවෙ එක දවසක් දෙකක්,සතියක් දෙකක්,මාසයක් දෙකක් නෙවේ…..මාස 6ක් විතර හැමදාමත් බෙලෙකගෙ උරහිසට ඔලුව තියාගෙන ඇනා ඇඬුව.බෙලෙකට මේ දේ නිසා කොච්චර හිත රිදුනත් හෙට හරියයි කියල බලාගෙන ඉවසුව….
ඇනාටත් හැමදාමත් ගෙදර ඉඳන් එන්න බැරි නිසා ඇනා හිටියෙත් බෙලෙක වගේම බෝඩිමක.කොහොම වුනත් මේ දේවල් වෙනකොට ඇනාට ඒ නගරෙ හිටපු එකම කෙනා බෙලෙක වෙලා ඉවරයි.ඒ වගේම ඇනා හැම සති අන්තයකම ගෙදර නොගියා වුනයින් බෙලෙකට හැම සති අන්තෙකම ගෙදර ආව පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරන්න වුනා.


හිතුවට වඩා කතාව දිග වුන නිසා තව කොටස් කීපයකට දාන්නම්……

Advertisements