තටු සලා ඉගිලෙන්න 2 | විස්වාසය

තටු සලා ඉගිලෙන්න 1 | තවත් හමුවීමක්
පහුගිය කොටසෙන්…..

ඇනාටත් හැමදාමත් ගෙදර ඉඳන් එන්න බැරි නිසා ඇනා හිටියෙත් බෙලෙක වගේම බෝඩිමක.කොහොම වුනත් මේ දේවල් වෙනකොට ඇනාට ඒ නගරෙ හිටපු එකම කෙනා බෙලෙක වෙලා ඉවරයි.ඒ වගේම ඇනා හැම සති අන්තයකම ගෙදර නොගියා වුනයින් බෙලෙකට හැම සති අන්තෙකම ගෙදර ආව පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරන්න වුනා.


ඇනාට ඒ නගරෙ හිටිය එකම කෙනා බෙලෙක වෙච්ච නිසාත්,ඇනා ගොඩක් වෙලාවට එයාගෙ පරණ පෙම්වතා වෙච්ච ජෝන්ව මතක් කර කර අඬන නිසාත් බෙලෙක හැම සති අන්තයකම ගෙදර එන පුරුද්ද පොඩ්ඩක් වෙනස් වුනා..නමුත් බෙලෙකට ගෙදර එන්නත් උවමනාව තිබුන.ඒ ඇනාගෙන් බේරෙන්න නෙවෙයි…බෙලෙකගෙ අම්මයි තාත්තයි ටිකක් අසනීපෙන් හිටි නිසා එයාලගෙ දුක සැප බලන්න….
හැබැයි බෙලෙක ඇනාට මොන දෙයක් කිව්වත්,එයාගෙ අම්මයි තාත්තයි අසනීපෙන් කියන එක කියාගන්න බැරි වුනා.ඒ නිසාම බෙලෙක ඇනා හොරාට හරි,එහෙමත් නැත්නම් බොරු අසනීපයක් හදාගෙන හරි,මොකක්ම හරි හේතුවක් හදාගෙන ගෙදර ඇවිල්ල තිබුන.ඒ ආව හේතු බොරු ඒව කියල බෙලෙකටවත් තේරුනේ නැහැ.ඒ දේවල් නිරායාසයෙන්ම බෙලෙකගෙ අතින් වුනේ ගෙදර ඇවිල්ල අම්මල තාත්තල බලල යන්න කියන එක බෙලෙක හිතට එකඟව අදත් දන්නව…
මෙන්න මෙහෙම බෙලෙක ගෙදර එන්න මොකක් හරි හේතුවක් හදාගන්න බව ඇනාට තේරිලා…නමුත් ඇනා ඒක ඇහුවෙ නැහැ…ඇනා කලේ බෙලෙකව සැක කරන එක…බෙලෙකගෙ ගමේ බෙලකට තවත් පෙම්වතියක් ඉන්නව කියල..
අන්තිමේ දවසක් ඇනා බෙලෙකගෙන් මේ ගැන ඇහුවම තමයි බෙලෙකටත් තේරුනේ ඇත්තටම බෙලෙක ගෙදර එන්න මොකක් හරි හේතුවක් හදාගෙන කියල.කොහොම හරි මේ දෙයින් බෙලෙක ගැන ඇනා සැක කරන එක අඩු වෙලා නැහැ.

ඔය අතරෙදි තමයි බෙලෙක ඇනා එක්ක ඇවිදන් යන වෙලාවක බෙලෙක අඳුනන ගෑණු ළමයෙක් හම්බෙන්නෙ..ඇනාත් එයාව දන්නව.මොකද බෙලෙකම ඇනාට මේ ගෑනු ළමය ගැන කියල තිබ්බ.මූණු පොතේ මේ ගෑණු ලමය ඇනාගෙත් යාලුවෙක් වෙලා තිබ්බ……
බෙලෙක මේ ගෑණු ලමය ගැන ඇනා එක්ක කියන්න විශේශම හේතුවක් තිබුන.ඒකට හේතුව තමයි මේ ගෑනු ලමය තමන්ගෙ හොඳම යාලුව විදියට බෙලෙකට සලකපු එක.නමුත් බෙලෙකට මේ ගෑනු ලමය සාමාන්‍ය යාලුවෙක් විතරයි.එක දවසක් විතරක් අහම්බෙන් හම්බෙලා තිබුනත්, බෙලෙක මේ ගෑනු ලමය එක්ක නිකමට චැට් කරල තිබ්බ එක විතරයි කරල තිබුනෙ..

හැබැයි මේ ගෑනු ලමය බෙලෙකට කතා කලෙ “පැටියො” කියල..ඒ වගේම කිසිම දවසක බෙලෙක තමන්ගෙ සීමාවෙන් පිට පැන්නෙ නැහැ…යාලුවෙක් ආමන්ත්‍රනය කරන්න උපරිමෙන්ම භාවිතා කලේ ඔයා කියන වචනෙ විතරයි…ඉතින් බෙලෙක ඇනාව හම්බෙන්නත් කලින්ම මේ ගෑනු ලමය එක්ක තියෙන්නෙ යාලුකමක් මිසක්,එතනින් එහාට ගිය ආදරයක් කියන දෙයක් නොවෙයි කියන එක හොඳටම පැහැදිලි කරල තිබුන…
මේ හැම දෙයක්ම බෙලෙක ඇනාට කිව්වෙ කවද හරි මේ ගෑනු ලමය ප්‍රශ්නයක් වුනොත්, ඊට කලින් සිද්ද උන හැම දෙයක්ම ඇනා දැනගෙන ඉන්න ඕනෙ නිසා…හඳුන්වල දුන්නෙත් ඒක නිසාමයි…
කොහොමින් හරි බෙලෙක මේ ගෑනු ලමයව යාලුවෙක් විදියට ආස්‍රය කරන එකට ඇනා කැමති නෑ කියනකොට බෙලෙක කලේ මේ ගෑණු ලමයව බ්ලොක් කරල දාල ඇනා වෙනුවෙන් ඒ යාලුවව අත අරින එක.මොකද බෙලෙකට ඇත්තටම ඕනෙ උනේ ඇනාව සතුටින් තියන්න..පොඩ්ඩක්වත් රිද්දන්න නෙවෙයි.ඇනාගෙ ඇස් වලින් වැටෙන කඳුලු, සතුටු කඳුලු බවට හරවන්න…..

ඉතින් මේ යාලුවව බ්ලොක් කලාට පස්සෙ එයා ඇනාගෙන් අහල තිබුන බෙලෙකට කොහොමද,මොකද පේන්න නැත්තෙ කියල…ඒ වෙලාවෙ ඇනා තද වෙලා කියල තිබුන “ඔයා එයා ගැන හොයන්න එපා,ඔයා එයා ගැන හොයන එක අපි දෙන්නට ප්‍රශ්නයක්.ඒ නිසා ඔයා ඔයාගෙ පාඩුවෙ ඉන්න” කියල.ඇනා මේක බෙලෙක එක්ක කිව්වම බෙලෙක කිව්වෙ “කමක් නැහැ..දැන්වත් මාව විස්වාස ඇතිනෙ” කියල….

එතනින් පස්සෙ ඇනා ටික දවසක් බෙලෙක එක්ක හොඳින් හිටිය….ගොඩක් ලං වෙලා..ආදරෙන් හිටිය.මේ වෙනකොට ඇනාගෙ අම්මත්,බෙලෙකගෙ ගෙදරිනුත් මේ දෙන්නගෙ සම්බන්දෙ ගැන දැනගෙන හිටිය….
ඒත්, ඒ කිට්ටුවක ආපු වෙසක් නිවාඩුව මේ දෙන්න අතරෙ ආදරේ දෙදරන්න තරම් වෙයි කියල ඇනාවත්, බෙලෙකවත් හිතුවෙ නැහැ….

Advertisements

Posted on 2014 November 3, in Uncategorized. Bookmark the permalink. 1 Comment.

  1. බෙලෙකා

    Reblogged this on බෙලෙකා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: