මනුස්සකමේ යුතුකම

මා හිතන පතන, විශ්වාස කරන යමක් පවසන්නට ඉඩ දෙන්න…..
මා ඉගෙනගත් ජීව විද්‍යාවට අනුව මිනිසා යනු හුදෙක් තවත් එක් සත්ත්වයෙක් පමණි.(බහුතරයක් වූ.)අනෙකුත් සතුන්ට මෙන්ම, මිනිසාට ද මොළයක් ඇති අතර, අනෙක් සත්ත්වයින්ට සාපේක්ශව මිනිසා නැමැති සත්ත්වයාගේ මොළයේ ධාරිතාවය වැඩිය.නමුදු අනෙක් සත්ත්වයන්ට මෙන්ම, අපගේ ද ජීව විද්‍යානුකූල රාජකාරිය වන්නේ තමන්ගේ වර්ගයාගේ ඉදිරි පරම්පරාව දායාද කිරීම පමණෙකි.
නමුදු,අනෙක් සතුන්ට වඩා බුද්ධිමත් වූ මිනිසා, තමන්ගේ කාර්යයෙන් බොහෝ ඉදිරියට ගොස් සංස්කෘතීන්, ආගම්, භාෂා, රැකියා, මුදල් ආදී අනේක වූ දේවල් වලින් තමන්ගේ ජීවිත සංකීර්ණ කොට ගෙන සිටී..
එනම්, වර්ථමානය වනවිට පරිසරයෙන් අපට හිමි වූ කාර්යය රාමුවට වඩා වැඩි පරාසයක් ඇති රාමුවක් තනාගෙන ඇත.
මා මේ කතා කරන්නට යන්නේ අප විසින් තනාගෙන ඇති මෙම කෘතීම රාමුව තුල සිටයි.මන්ද යත්, මෙම රාමුව පරයා ස්වභාවික රාමුව පසෙක හඹා යාම අද වනවිට කිසිදු ආකාරයකින් ප්‍රායෝගික නොවේ.
එවන් පසුබිමක් තුල “මිනිසා තමන්ගේ පරම යුතුකම ලෙස මිනිසාට සේවය කල යුතුය” යන්න මාගේ හැඟීමයි.
එවන් යුතුකම් කල අයවලුන් වසර දස දහස් ගණනක් අමරණීය වනු ඇත.උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු බලන්න….එතුමා ශ්‍රී ලංකාව එක්සේසත් කොට රට ස්වයංපෝශිත කලේය.එය අප සැවොම අසා දැනගත් කාරණාවකි.අද වසන කිසිවෙකුත් ඇසින් දැක නැත.නමුත් අප සැවොම එය එකහෙලා පිළිගනිමු.අදටත්, එතුමා කල සේවයට අපි පින් දෙමු.
මිනිසා වෙනුවෙන් යමක් කල එතුමා අදටත් අප එසේ සිහි කරන්නේ එතුමා කල එම අමරණීය සේවාව නිසාවෙනි.
එසේම, මම අද විස්වාස කරන්නේ අප සේවය කල යුත්තේ මිනිසාට බවයි.අමරණීය වීමට ඇති එකම ආකාරය එය වේ.
නැත…එය පමණක් නොවේ…තවත් එක් ක්‍රමයක් ඇත….
හිට්ලර්…ලෝකය පුරා ඔහුගේ නම කියැවෙන්නේ භීතිය මුසු ඒකාධිපති, මහා මිනිස් සංහාරයක් කරන ලද්දෙකු ලෙසයි..නමුත් එතුමාට කවදාවත් මතු ආත්මයක හෝ හොඳක් වෙන්නට ප්‍රාර්ථනා කරන පිරිසක් නැත.(කොටින්ම මම දන්න, මගේ ආගමේ පින් කියල කියන දේ දෙන්නට, ප්‍රාර්ථනා කරන්නට කිසිවෙකු නැත.)
එනම්, අමරණීය වීමේ වඩාත්ම හිතකර, යහපත්, වටිනාම දෙය නම් මිනිසාට සේවය කිරීමයි..මන්ද යත් අවසානයේ මිය යන්නට පෙර අවසාන තත්පරයේ හෝ අපට සතුටින් මිය යන්නට එසේ කරන ලද මනුස්සකමේ යුතුකම හේතු වනු ඇත…නැතහොත් සමාජයේ උපන්, නූපන් අයවලුන් ඔබට ශාප කරනු ඇත..

(මෙය ඡන්දය නිසා පල කරන ලද්දක් නොවේ.කරුණාකර දේශපාලන මතයන් වෙනුවෙන් භාවිතා නොකරන්න.)

Advertisements

Posted on 2015 January 8, in දැනෙන දේ and tagged . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: