Monthly Archives: March 2015

මහ මුහුද…

අපේ ජීවිතේ ගොඩක් දේවල්, සතුට වගේම, දුක, තනිකම, පාලුව අපි එක්ක බෙදාගන්න, ඒ දේවල් මගහැරගන්න ඕනම වෙලාවක ලැහැස්ති පිට ඉන්න, සොඳුරු නවාතැන්පලක්.පෙණ බුබුළු ඇවිල්ල, වෙරලෙ නැවතිල පිපිරිල යද්දි කොච්චර ලස්සනක් ගෙනාවත් අපේ ජීවිතේ ගොඩක් අඳුරු, අපැහැදිලි තැන් මකා ගන්න, අපේ ජීවිතේ කැත තැන් ලස්සන කරගන්න, එහෙමත් තැන්නම් මගහැරගන්න සොබාදහමින් ලැබුණ උත්තරයක්…

අවුරුදු 21 ක මගේ ජීවිතේ මතක තියෙන ගොඩක් දේවල්, හොඳ වගේම නරක, සතුට වගේම දුක, එළිය වගේම අඳුර, අනිත් අය මට උදව් කරපුව, මම අනිත් අයට උදව් කරපුව, මම වැටුන තැන්, මාව වට්ටපු තැන්, වැටිච්ච මිනිස්සුන්ට නැගිටින්න මම උදව් කරපු තැන් වගේම මම ජීවත් වෙද්දි, ජීවත් වෙන්න ඉගෙන ගත්ත පාඩම් මම මහ මුහුදත් එක්ක කතා කලා. මට මගේ මතක වල කිමිදෙන්න පුලුවන් ගැඹුරටම කිමිදිලා, මුහුද දිහා බලාගෙන මම මතක් කලා…

වෙරළට වෙලා යාන්තමට රැල්ල පාගන ගමන් රතු පාට වෙලා අපේ දවසක් අවසන් කරල, ලෝකෙ තවත් තැනකට අලුත් දවසක් උදා කරන්න යන්න දඟලන ඉර හරිම ලස්සනට එතනට පෙනුන. ඔය අතරෙ එතනට ආව සුදු නෝන කෙනෙක්ගෙ බලු තඩිය මාත් එක්ක සෙල්ලම් කරන ගමන්, ටිකෙන් ටික මම වර්තමානෙට ආව…

11023282_829305400473591_1420457777_n

බැහැගෙන යන ඉර අස්සෙ මගේ දවස අවසන් කරල, ආයෙත් ගෙදර එන්න පිටත් වෙද්දි මම බිම බැලුව… කිසිම රටාවක් නැතිව, පිළිවෙලක් නැතුව ඇවිද්ද පා සටහන්…..සමහරක් මැකිල තියෙද්දි තවත් සමහරක් යන්තමට ඉතුරු වෙලා තිබුන…ඇත්තටම අන්තිමටම බලද්දි ඉතුරු වෙලා තිබුනෙ මගේ පා සටහන්මයි….වෙන කාගෙවත් නෙවෙයි..කෙනෙක්ට ඉතිරි වෙන්නෙ තමන්ගෙම දේවල්, තමන් කරන කියන දේවල් විතරයි…

තවත් කෙනෙක් ජීවිතේට ආවත්, ජීවිතෙන් ගියත්, ඔවුන් අපේ ජීවිත ගමනෙ කොතනක හරි සුලු කොටසක් යන්න සහය වෙන ගමන් සගයො විතරයි…. මොනව කරන්නද? මේක තමයි ජීවිතේ…

“There are no regrets in life. Just Lessons…”