Monthly Archives: May 2015

බෙලෙකා : ජීවිතේ අපි අපිවම අතරමං කරගෙන.

Alone-in-the-Beach-by-sujithgokul

“මම මොනව කියන්නද බං? ආදරේ මොකක්ද කියල ඉගෙනගත්තෙ ඔයාගෙන් කියල කිව්ව කටින්ම මගේ මූණට බූට් කාරය කියල යද්දි?
හිතපන් මට ඒ වෙලාවෙ කොහොම හැඟීමක් එන්න ඇද්ද කියල.ඌව අමතක කරන්න ඇති තරම් අඬන්න, කවදාවත් වචනයක්වත් නොකිය මගේ උරහිස දවස් ගණන් මාස ගණන් කඳුලු වලින් පොඟවන්න මම ඉඩ දුන්නෙ මම ආදරේ නැතුවද බං?”
“එහෙව් කරපු මට එහෙම කියල ඒකි ඌ එක්ක යන එක හරිද බං?මට නම් දැන් මේ කෙල්ලො කියන ජාතිය පේන්න බැහැ..ඇයි බං උං හිතන්නෙ නැත්තෙ පිරිමි කියන ජාතියත් හැඟීම්, දැනීම් තියෙන, ලේ මස් නහර වලිං හැදුනු එවුන් ටිකක් කියල?”
ඔහොම හෑල්ලක් ඌ මාත් එක්ක කියාගෙන ගියා.ඒ හැම දේකම තිබුනෙ ඌටවත් මටවත් තේරුම් ගන්න බැරි හේතු ටිකක් සහ උත්තර නැති ප්‍රශ්න වැලක් විතරයි…
“දැන් උඹ මොකක් කරන්නද හිතං ඉන්නෙ?”
“මොනව කරන්නද බං?ඒකිගෙ සතුට ඒක නම් මට රිදවුන එක කෙසේ වෙතත් ඒකි ඒකිගෙ සතුට හොයාගෙන ගියා.ඒකට කමක් නෑ බං.ඒකි සතුටින් ඉන්නවනම් මට කමක් නෑ..”
“යකෝ, මම ඇහුවෙ උඹ මොකක්ද දැන් කරන්න හිතාගෙන ඉන්නෙ කියල..”
“අනේ මන්ද බං..ඒකි අරූ එක්කම ගියා කියල මම දන්නව වුනාට මට වෙන එවුන් එක්ක කියල ඒකිගෙ කාඩ් එක චා කරන්න ඕනෙ නෑ බං.උඹ එදා ඉඳන්ම මගේ බොක්ක.අනේ සොරි බං මේ මගේ පව් උඹ එක්ක කිය කිය වද දෙන එකට…”
“පිස්සුද යකෝ….උඹ මගේ යාලුවෙක් නෙවේ.සහෝදරයෙක්….උදව්වක් කරන්න නැති වෙලාවට නැති උන් වෙන මොන ලබ්බක් කරන්නවත් ඉඳල වැඩක් තියෙද බං?”
“හ්ම්ම්ම්….”
ඌ කිව්ව කතාව ආපස්සට ගිහින් මම ආයෙත් ආවර්ජනය කලා.. කතාව පටන් ගැන්මටත් කලින් තැනක් ඉඳන්ම මම මතකාවර්ජනය කලා…
ඌ හොඳ එකා…එදා ඉඳන්ම මනුස්සකම තිබ්බ, හැමදේම බෙදාගෙන හිටපු එකෙක්..සමහරු අනිත් උං වැටෙනකම් බලන් ඉන්න වෙලේ මූ කලේ වැටෙන්න යන උන්ව නැගිට්ටපු එක….
කොටින්ම මූ නිසා වැටෙන්න ගිය උං, වැටුන උං දැන් හිනා වෙනව දකිද්දි මටම පුදුමයි.මූ කොහොම එකෙක්ද කියල..යස්ස පුත්‍රයෙක්…එහෙව් මූ අද තනි වෙලා..
මම දන්නෙ නැහැ අනිත් උන් මුගෙ සීන් එක දැනගෙන කර අරිනවද, නැත්නම් දන්නෙ නැතුවද කියල…කොහොම උනත්..අනේ මන්ද…
“මචන්,” මම ඌට කතා කලා..

“යමන් බීච් එකට..”

“ගිහිල්ල..?”

ගිහිල්ල ටිකක් රැල්ල පාගමු…
“හ්ම්ම් යමන් එහෙනම්…”
එහෙම කියල මම ඌවත් දාගෙන බීච් එකට ගියා….

පොඩ්ඩක් ඇවිදල, ඌට ටිකක් තනියෙන් ඉන්න ඇරල මම ගලක් උඩ වාඩි වුනා…
මම හිතුව හරි…ඌ උගේ ලෝකෙකට වෙන්න ඇති….සමහර විට මූ ඒකි එක්ක දැක්ක හීන මතක් කරනව ඇති..නැත්නම් වුන දේවල් මතක් කරනව ඇති…කමක් නෑ මොකකින් හරි මූ ඕකේ වෙනවනම්…
මම කලින් දවසක් මුගේ කටින්ම අහගත්ත දෙයක් තමයි අවුල් ගියාම තනියෙන් මුහුද දිහා බලන් ඉන්න එකෙන් හිත රිලැක්ස් වෙනව කියන එක….
පැයක් දෙකක් ගිහිල්ල නෙවේ, පැය 4කට පොඩි වෙලවක් අඩුවෙන් තියල මූ ආයෙත් පියවි ලෝකෙට ආව…
“අඩෝ දැන් වෙලාව කීයද? ”
“වෙලාව වැඩක් නෑ බං.උඹට තව ඉන්න ඕනෙ ද?”

“නෑ බං ශේප්..යමන්…”
“යමන් එහෙනම්…ආයෙත් එන්න ඕන උනොත් කියපන්..මාත් එක්ක යමන්…”
එහෙම කිව්ව මං අරූව ගෙදෙට්ට ඇරලවල ගෙදර ආව….

සමහරවිට ඌ ඉක්මනටම තේරුම් ගනියි ජීවිතේ කියන්නෙ මේක කියල… නොගැලපෙන කෙනෙක් තවත් දුර දිග ගිහින් ඈත් වෙනවට වඩා දැන්ම ගිය එක හොඳයි කියල….
එහෙමත් නැත්නම් ඌ අඬයි..පුලුවන් තරම් අඬයි…..අඬල අඬල කවද හරි ඔලුව උස්සන්න පුලුවන් ගානට එයි…

ජීවිතේ වැට කඬුලු, සීමා මායිම් දාගන්න මට වගේම ඌටත් ඕනෙ නෑ..ඒ ඉස්සර..
දැන් අපි අපටම සීමා දාගෙන..අපි අපිවම අතරමං කරගෙන….

උත්තර නැති ප්‍රශ්න වැලක් තාමත් එකම තැනක උත්තර සොය සොය කැරකෙනව..