බෙලෙකා : “ආදරේ” කියන්නෙ සමහර විට අපට කෙලවන්නම හම්බෙන එකක්!

බෙලෙක මල්ලි කාලෙකින් අද ලියන්න ආව ඔන්න මේ ගිණි ගහන රෑ දෙගොඩහරියෙ… නිකංම නෙවේ ආවෙනම්…සමාජෙන් අහන්න ලැබුණු ඇත්ත කතාවක් ගැන කියන්නත් එක්කලා…(ඔන්න මුලින්ම කියනව, බෙලෙක මේව ලියන්න කියවල යන්න මිසක්, එතනින් එහාට මේව ගැන සොයන්න යනව නෙවේ ඈ….බෙලෙකව දන්න ඇත්තොත් ඉතින් මේ දුප්පත් බොලොගේ පලවෙන එව්ව ගැන නාහ ඉන්න තරමට තමා මේ බෙලෙක නම් කැමති…)

හරි…පොර ටෝක් දුන්න ඇති….ආ ඔයැයිලට කියන්න බෙලෙක මේ දවස් වල මැරීගෙන මැරීගෙන මැරීගෙන……… බෙලෙක් එක්කාසු කරන නිසා ගිණි මද්දගනෙත් වැඩ…එහෙම කොරලා කොරලා කොරලා මොලේට පිනි බාල හිටි ගමන් ට්‍රැක් පනින්න පුලුවන් ගනන් ගන්න එපා….

මෙන්න ඉට්ටෝරිය…

හ්ම්හ්හ්…. ආදර කතාවක්…කොල්ල සහ කෙල්ල යන දෙපලම බෙලෙක දන්නව…. වසර කීපයක ආදර කතාවක්, සරසවියෙන් සමුගෙන ආයෙත් තම තමන්ගෙ ගම රටවල එද්දි අවසාන කරන්න ගිහින් අන්තිමේ අහිංසක කොල්ලෙක් විඳවනව (කියල තමයි මම දන්න තරමින් නම් තේරුනේ…)
ඇත්තටම මේව ගැන කතා කරද්දි කිසි දෙයක් හිතාගන්න බෑ ඕයි…

1649697

photo from here.

නැහ්.මෙන්න මේකයි සීන් එක..ඇත්තටම තනි අතින් අප්පුඩි ගහන්න බෑ තමයි..ඒ කිව්වෙ සම්බන්ධයක් නම්, දෙන්නට දෙන්න විස්වාසය, කැපකිරීම් වගේ දේවල් නැතුව ඉදිරියක් නැහැ.එක්කෙනෙක්ට යන්න ඕනෙ නම්, ඒ කෙනා හේතු මවාගෙන හරි ඈතට යනව..ඉන්න ඕනෙ කෙනෙක් ඉන්නවනම්, යන්න හේතු 1000 ක් අස්සෙ එක හේතුවක් හරි හදාගෙන ඉන්නව…

ඇත්තටම ඒක කොච්චර සාදාරණද කියන්න මේ බෙලෙක නම් දන්නෙ නැහැ…ඉන්න අකමැති කෙනෙක් බලෙන් තියාගෙන ඉන්නවට වඩා යන්න අරින එක හොඳයි.හැබැයි ඒ වගේම ආතල් එකට ලව් කරන උන් අතරෙ සිරා ලව් කරල, හීන දැකල, එක්කෙනෙක්ගෙ වුවමනාවට අනිත් කෙනා ඒ හීනත් එක්ක අතරමන් කරල යන එක අසාධාරණයි…

ඒත් බෙලෙක තේරුම් ගත්ත එක දෙයක් තමයි මේක වෙන්නෙම හොඳ මිනිස්සුන්ට..ආදරේ හිත පුරා දෙන්න ආස, දෙන්න ඉන්න උන්ට හම්බෙන්නෙම වැරදි මිනිස්සු..ඊට පස්සෙ ඒ වැරදි එවුන්ට ආදරේ දීල කවද හරි මට්ටු වුනාම අන්තිමට හොඳ උන්ගෙ හොඳ ගති නැතිවෙන එක සහ උන්ට අඩුම ගානෙ හිත හදාගන්න හේතුවක්වත් නැති වෙන එක විතරයි දෝ කියලත් හැඟීමක් බෙලෙකට නාවම නෙවේ…

තව සරළව කිව්වොත් ජීවිත වලට එන සමහරු එන්නෙ ආදරේ කරන්න වගේ වුනාට, අන්තිමට නිකන් අනිත් එකාගෙ ජීවිතේට කෙලවල දාල යන එක දෝ කියලත් බෙලෙකට හිතුන…(කොල්ලොන්ට විතරක් නෙවේ ඈ…බෙලෙක කිව්වෙ කොල්ලොන්ගෙ ජීවිත වලට එන කෙල්ලො නිසා කොල්ලන්ට කෙලවෙලා යනව වගේම, කෙල්ලන්ගෙ ජීවිත වලට එන කොල්ලො නිසා කෙල්ලට කෙල වෙලා යනවෝ….)

කොහොමින් හරි ඔය මම උඩින් කිව්ව කොල්ල බෙලෙකට කතා කරල අඬ අඬා කිව්ව කතාව නිසා බෙලෙකට පුලුවන් විදියකට පද කීපයක් ලියවුනා…

මීදුම අතරේ අප දුටු සිහිනය සිහිනයක්ම පමණයි
මතක කඳුලින් තෙමා ගිය නුඹ හිත පුරා දිව යයි
සොඳුරු මුවඟින් ඔයා මිමිනූ වදන් යළි සිහි වෙයි
කිමද කිව මැන ඉගිල යන්නේ සිත තවම විමසයි

සරසවිය තුල පෙම්වතුන් ලෙස ඇවිද ගිය අප
පිණි පොකුරු මැද උණුසුමින් බැඳ අපේ හදවත් දමා යන්නේ අයිද මා අද
තුරුළු කරගෙන සැඳෑවක නුඹ බලා ඉන්නට ක්ෂිතිජ ඉම දෙස
පෙම් පිරූ මම අද තනිව වැලපෙයි

රළු පිරිමි සිත ඔයා ඇවිදින් පෙණ පිඬක් කෙරුවේ
ආදරය මුළු ලොවක් කරගෙන ඔයයි මට සිටියේ
වාරු නැත මට සිනාසෙන්නට ඇද වැටුනි අඳුරේ
රිදව යන්නට ඇයිද ආවේ පුංචි සමනළියේ….

ඔන්න ඔහොමයි බෙලෙක ඕක ගැන ලිව්වෙ…ඔන්න ඊළඟට දානව බෙලෙක ලබපු අත්දැකීම නිසා ලිව්ව මෙව්ව එකකුත්…

නුඹ වෙනුවෙන් මා ළයේ
රැඳුනේ සුසුමයි හදේ
ඇවිද ආ මාවතේ
පිය සටහන් දිස් නොවේ

දෑඟිලි පටලාගෙන මතකයි සිතුවම් හැඩ කලා
මදහස අතරේ අප දෙදෙනා පෙම් ගී මිමිනුවා
අද ගලනා කඳුලැල් අතරින් සිතුවම් බොඳ වෙලා
හද තැවෙනා සුසුම් මතින් කිසිවෙක් නෑ සැනසිලා

සිහින අතරේ ගෙවූ කාලය ආලෙන් මත් වෙලා
නැහැ පින් එය විඳගන්නට තවදුරටත් එක් වෙලා
හමුවීමේ අවසානය ඉක්මනින්ම පැමිණිලා
අවසර මට හැර යන්නට යළි නො එනා ලෙස සදා….

එහෙනම්, අදට ඇති…

-බෙලෙකා

Advertisements

Posted on 2015 July 1, in ඇත්ත, දැනෙන දේ and tagged . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: