මායාවී – 1

ඉස්කෝලෙ බිග් මැච් එකට මහන්සි වෙලා මගේ හොඳ පණත් ගිහින්…කූඩාරමේ වැඩ වගේම ගාල්ලෙ ටවුම පුරා තරඟෙට වගේ කොඩි දාන එකේත් වැඩිම වගකීමක් එන්නෙ ශිෂ්‍ය නායක මණ්ඩලයට…
ඉස්කෝලෙට ආදරේ කරන හොඳම සෙට් එකක් එකතු වෙලා ඉන්න තැනක් වුන මෙතන, කිසිම වැඩක් අපට බැරි නැහැ..කොහොමින් හරි වැඩේ කෙරෙන හැටියක් මිසක්, නොකෙරෙන්නෙ නෑ….
සමනල පාලමයි, ධර්මපාල පාක් එකයි අතරෙ තියෙන තල් ගස් වල කොඩි දාන්න තරම් අමාරු කිසිම වැඩක් නැහැ..කොහොම වුනත් කොඩි දාන්න ගහ උඩටම නගින්න වුන එකෙන් අත පය හීරිච්ච තවමත් හෙන ගහන්න වගේ එකපාරට රිදුම් ගන්න දෙද්දි නම් ඉවසන්න අමාරුයි…
මැච් එකෙන් පස්සෙ කූඩාරම් එහෙමත් අයින් කරල, විකුනපු සුවනියර් වල සල්ලිත් බැලන්ස් කරල ඔක්කොම ඉවර කරල ආපස්ස බලද්දි ඉගෙනගන්න පන්තියට මාස එකහමාරකින් දෙකකින් ගිහින් නැහැ… ඒ ලෙවල් පෙනි පෙනි වුනත් මාසෙකින් ටියුශන් යන්න වුනෙත් නැහැ…
මැච් එක ඉවර වෙලා සතියකට විතර පස්සෙ, කොහොමින් හරි අප්‍රේල් මාසෙ මුල්ම සතියෙ. ඉස්කෝලෙ ඇරිල පැය බාගයක් විතර ඉඳල ඉක්මනට එන්න පිටත් වුනේ ජූල්ගහ ගේට්වේ එකේ ක්ලාස් එකට යන්න..
වෙනදට ඉස්කෝලෙ ඉස්සරහ අලුත් පාරෙන් පැනල දුවනව වුනාට අද යන්න වෙන්නෙ වෙනම රූට් එකක…ඉස්කෝලෙ එහා පැත්තෙ තිබ්බ කසුන්ලහට ගිහිල්ල පන්තියේ ගිය සතියෙ කරපු පේපර් එක ඉල්ලගෙන යන්නත් ඕනෙ..
ක්ලාස් එකයි, කසුන්ගෙ ගෙදරයි වමයි දකුණයි වගේ දෙපැත්තෙ තිබ්බ නිසා අද වටයක් ගහල යන්න ඉක්මනට යන්න ඕනෙ.2.30ට කලින් ක්ලාස් එකට නොගිහින් පරක්කු වෙලා ගියහම සර් කාරයගෙන් මුලු පන්තියටම මම ඉස්කෝලෙ පන්ති කට් කරපුවයි, ප්‍රැක්ටිකල් නොගිහින් ඉන්න ඒවයි හැම ලබ්බම දැනගන්න ලැබෙන අවමානෙන් බේරෙන්න ඉන්ටවල් එකේ කාපු බිත්තර පාන් දෙකයි, කිරිපැකට් එකෙයි හයිය හත්තියෙන් දුවන්න ගත්ත..
ඉස්කෝලෙ අනිත් පැත්තෙ ගේට්ටුවෙන් එළියට එන්න හිතාගෙන බාගයක් නැගල තිබ්බ කන්දෙ ඉතුරු ටිකත් ඉක්මනට නගිද්දි අහම්බෙන් වගේ කොරිඩෝ එකක අපේ වයසෙ නසරානි සෙට් එකක් 11 වසරෙ පොඩි එකෙක් වට කරගෙන ඉන්නව දැක්ක එකෙන් මගේ ගමන පොඩ්ඩක් බාල වුනා..හොඳ එවුන් 10,15ක් වුනත් පොඩි එකාව වට කරන් හිටියට අවුලක් නැති වුනත්, මාත් එක්ක 9 පන්තියේ හිටපු නසරානි එවුන් 3 දෙනෙක් වෙච්ච උන් තුන්දෙනා මාත් එක්ක ඒ ලෙවල් ක්ලාස් එකෙත් ඉන්න නිසා පොඩි එකාට මොකක් හරි මරාලයක් සෙට් වෙන්න යනව කියන එක මගේ කුඩා මොලේට මීටර් වුනා…
කොච්චර වුනත් පොඩි එකෙක් නිසා ඌව ශේප් කරල යවන්න හිතාගෙන මමත් හෙමීට කොරිඩෝ එක පැත්තට ගියා..
පොඩි එකා හම්බානෙකට බය වෙලා.
“මචන් නිර්මාල් මොකක් හරි අවුලක් ද?”
“උඹත් එක්ක අපේ කතාවක් නෑ හු****, උඹේ වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපං.”
“උඹල මොකක්ද බං මේ පොඩි එකෙක් අල්ලගෙන කරන්නෙ? මල්ලි මොකක්ද බං අවුල?”
මට අහන්න හම්බුනේ එච්චරයි.කන් දෙක පුපුරන්න කනේ පාරක් වදිනවත් එක්කම මම පැත්තකට විසි වෙලා ගිහින් බිත්තියේ වැදුන..ඒත් එක්කම හැරිල බලද්දි පොඩි එකා දුවනව..අරුන් 3 දෙනා මගේ ඇඟට කඩාගෙන පැනල ගහගෙන ගහගෙන ගියා…ඇත්තටම මට එච්චරයි මතක….


මීලඟ කොටසින් හමුවෙමු…
-බෙලෙකා

Advertisements

Posted on 2015 July 1, in මායාවී and tagged . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: