එක් වෙන්න අපි එක්ක, අපි වෙනුවෙන් කැප වෙන්න.

image

Facebook : https://facebook.com/ouyheart

ගහක් කොළක් හිටවන එක අපේ යුතුකමක්! වගකීමක්! එදා මෙදාතුර සිදුවෙන මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවියේ වන ආවරණය ඉතාම සීඝ්‍ර ලෙස පහල බැහැල තියෙන්නෙ. සරලවම අපට හුස්ම ටික ගන්න උදව් කරන ගස් කොළන් ටික අඩු වෙනව කියන්නෙ ප්‍රශ්න ගොඩක මුලක්. මිනිසාගේ පැවැත්මට ලොකු හානියක්.
අන්න ඒ නිසා තමයි අපි අපේ තරමින්, අපි වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න හිතුවෙ. පැළයක් දෙකක් හරි ඉන්දල අපි අපට කරන්න තියෙන යුතුකම කරමු. අද අපි හිටවන පැළේ අපට කෙලින්ම දෙයක් නොදෙන්න පුලුවන්. හැබැයි ඒ පැලේ ඔයාගෙත් මගෙත් ළමයින්ට, මුණුපුරු මිණිපිරියන්ට හුස්ම ගන්න හුළන් පොදක් දෙයි.
අනිත් අය පස්ස ගහනකොට පස්ස නොගහ, මිනිස්සු වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් අපි එක්ක එකතු වෙන්න. අපි මුදල් අරමුණු කරගත්ත සංවිධානයක් නෙවෙයි. සමාජයට සේවාවක් කරන්න උත්සාහ කරන, අවුරුදු 21,22 ක් වුන, ගාල්ලෙ කිසිම රස්සාවක් නොකරන කොල්ලො, කෙල්ලො සෙට් එකකගෙ උත්සාහයක්.පාටියක් දාල, ට්‍රිප් එකක් ගිහින් ජොලියක් ගන්නවට වඩා යමක් දකින කණ්ඩායමකගෙ උත්සාහයක්. මොකද අපි දන්නව රුපියල් ශත වලට වඩා මනුස්සකම, පරිසරය උතුම් කියල. යන දවසක රුපියල් ශත, ඉඩම් කඩම් දාල ගියාට, මිනිසාට,රටට, සමාජයට වැඩක් කලා කියල සතුටින් යන්න අපි ආස නිසා. එතකොට අපි හිඟන්නො වගේ ගියත්, හිත සතුටින් යන්න පුලුවන් නිසා.
ඒ දේ දකින, දන්න, අත්දකින්න කැමති ඕනම කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුලුවන්. සමහර අයට අපිව විහිලුවක් වුනත්, අපි කරන්න යන දේ යථාර්තය දකින ඔබටයි මේ ආරාධනය. 2016 මාර්තු 24 වෙනිදට ගාල්ල කොට්ටව කැලේ වන විනාශ වුන කොටසක් තෝරගෙන, වන සංරක්ශන දෙපාර්තමේන්තුවේ පූර්ණ අවසර ඇතුව රුක් රෝපන ව්‍යාපෘතියක් කරන්න ඉන්නව. කැමති අයට දායක වෙන්න පුලුවන්. වැඩි විස්තර දැනගන්න 0777676986 න් කවිඳුට හරි, 0712843655 න් දෙනුවන් ව හරි සම්බන්ධ කරගන්න. අපට සල්ලි එපා. පැළයක් අරන් එන්න.ඔයාලත් ඇවිල්ල අපි එක්ක පුලුවන් විදියට වැඩක් කරන්න එකතු වෙන්න.
මේ වැඩේට එකතු වෙන්න ගාල්ලෙ කෙනෙක්ම වෙන්න ඕන නෑ.කැමති කෙනෙක්ට එකතු වෙන්න පුලුවන්.පැලයක් අරං කොට්ටවට එන්න.එන්න බැරි, ඒත් උදව් කරන්න කැමති අය ඉන්නවනම් උඩ තියෙන නොම්බර වලට කතා කරන්න.

Advertisements

Posted on 2016 March 13, in Uncategorized and tagged , , , . Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: