ජීවිතේ තේරුම…?

මොකක්ද මේ ජීවිතේ තේරුම…?

main-qimg-167ad92feeea825b3e2271880fb63749

image from https://qph.fs.quoracdn.net/main-qimg-167ad92feeea825b3e2271880fb63749

ගොඩ දෙනෙක්ට මේකට උත්තරේ කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්න ද කියල නොතේරෙන ප්‍රශ්නයක්…

ඇත්තටම මොකක්ද මේ ජීවිතේ..? ජීවිතේ තේරුම මොකක්ද?

ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙ ඔලුවට එන්නෙ එක්කො අපි තනි වෙච්ච වෙලාවක, ඊලඟට මොකක් ද කරන්න ඕනෙ, මගේ ඉලක්ක මොනවද කියල හිස් ගතියක් දැනුනම…. තවත් වෙලාවක තමන්ගෙ කෙනෙක් ඈත් වුනාම වගේම, තව කෙනෙක්ගෙ ජීවිතේ දිහා දැකලත් අපට මේ ජීවිතේ මොකක්ද කියල හිතෙන වාර අනන්තවත්…

සාමාන්‍ය මනුස්සයෙක් තේරෙන වයසට එද්දි ඉස්කෝලෙ යන කාලෙ,, සාමාන්‍යයෙන් 7/8 වසර වල ඉඳන් බැලුවත් ඒ කෙනාගෙ ජීවිතේ ගැන, ජීවිතේ අවසානය වෙනකන් ම අපට සැලැස්මක් හිතාගන්න පුලුවන්…ඒක අපි හදාගත්ත දෙයක් නෙවෙයි, අපට ආර්ථිකය, සමාජය වගේම තවත් දේවල් එකතු වෙලා හදල දුන්න දෙයක්..

සාමාන්‍යයෙන් අවුරුදු 20/21 වෙනකම් ඉස්කෝලෙ ගිහින් ඉවර වෙන අපි, එක සෙට් එකක් එතනින්ම තමන්ගෙ රැකියා වලට යනව, තව සෙට් එකක් උසස් අධ්‍යාපනයට ගිහින් එතනින් රැකියා වලට යනව.. එතන ඉදන්, බහුතරයකගෙ ජීවිත වයස 55-60 වෙනකන්ම රැකියාවක් වෙනුවෙන් ගෙවල, අවසානයේ විශ්‍රාමික විදියට කාලයක් ගත කරල මියැදෙනව..

බහුතරේක කතාව වෙච්ච ඕකෙ, මොකක්ද මේ ජීවිතේ තේරුම… අපට ඇත්තටම අපි ආස දේවල් කරන්න තියෙන ඉඩ බොහොම අඩුයි.. අර උඩදි මම කිව්ව රාමුව කඩාගෙන එතනින් එහාට යන්න පිරිස බොහොම අඩුයි…
ඒ ජීවිත කතාවත් එක්ක මේ අපි ගත කරන ජීවිතේ මොකක්ද කියල කෙනෙක්ට හිතෙන වාර අනන්තයි..

මේ ප්‍රශ්නෙ මාත් කාලයක් කල්පනා කලා, හෙව්ව.. ඔය අතරෙදි කියවන්න ලැබුණු පොතකින් මේකට උත්තරයක් ලැබුනා..

ජීවිතේට කිසිම තේරුමක් නැහැ… ඒක තමයි සරල ම උත්තරය.. ඒ මොන හතර බීරි කතාවක් ද කියල දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන්…

ජීවිතේ ගැන හිතන් ඉදපු විදිය පොඩ්ඩක් පැත්තකින් තියල මෙන්න මෙහෙම හිතන්න ටිකකට….

අපේ ජීවිතේ තේරුම අපට ලියාගන්න පුලුවන් නේද? උත්තරය ඔව්..

අපි ජීවිතේ තේරුම අවුරුදු ගානක් හෙව්වත් හොයාගන්න බැරි වෙයි.. හැබැයි අපි කරන දේවල් එක්ක අපේ ජීවිතේ තේරුම ලියාගන්න අපට පුලුවන්.. ඔයාගෙ ජීවිතේ තේරුම ඔයා ලියන්න ඕනෙ.. එහෙම ලස්සන තේරුමක් ජීවිතේට දෙන්න, කෙනෙක්ට පුලුවන් නම් ඒ කතන්දර හොදයි නම් හරිම ලස්සන වගේම, නරක නම් කළු පැල්ලමක් එක්ක වුනත් මේ ලෝකෙ මිනිස්සුන්ට මතක හිටින කෙනෙක් වෙන්න පුලුවන්…

ඒ විතරක් නෙවේ… ජීවිතේ මොකක්ද කියන ප්‍රශ්නෙට තමන්ගෙම උත්තරයක් ලියාගන්නත් තමන්ට පුලුවන්….

එකම දේ.. ඒ හැමදේම තමන්ගෙ හෘද සාක්ෂියට එකඟ වීම සහ තමන්ව සතුටින් ඉන්න මනුස්සයෙක් කරන්න උදව් වෙයි…

෴ බෙලෙකා

Posted on 2020 May 9, in ඇත්ත, දැනෙන දේ. Bookmark the permalink. Leave a comment.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: