Blog Archives

බෙලෙකා : 1964 දි බොක්ක කූල් වෙලා ගියා ඕයි..අම්මපා!

හම්මේහ්..නේද ඉතිං…කාලෙකට පස්සෙ බෙලෙකගෙ බොලොගෙ අස්සෙ රිංගුව අකුරු ටිකක් කොටල හිතෙ තියෙන මෙව්ව ටික කොටල දාල යන්න…
බෙලෙකට පහුගිය දොහේ වගේම මේ දවස් වලත් අරක උඩටයි, තවත් පොඩ්ඩක් උඩට වැඩ! වැඩ!! වැඩ!!!
(තූ නොදකින්! අරක කිව්වෙ ඔලුව.. )

කෝමිං කෝමිං හරි බෙලෙක අර ඔපිස් එකේ බොසාගෙ පොඩි එකා එක්ක දැම්ම මෙව්ව එක (කතාව.) මතක ඇතිනෙ..මාගේ ආදරණීය ආදරෙ….බොසා! පොර අපේ ඔපිසියෙන් මාරු වෙලා ගියා නෙව වෙන සාකාවකට.අපි වගෙ සේවකයො එක්ක ඉඳල ගොඩාක් ආයුස ඉතුරු වෙයි කියල බයටම ගියා..

අපරාදෙ කියන්න බෑ බොසා යද්දි මේ බෙලකව බදාගෙන ඇඬුව.උඹ වගේ මාරකම්මාර පුත්තු දෙන්නෙක් හිටියනම් පොර මැරිල පොරගෙ වයිපරේ ආයි කසාද බැඳල ලමයිනුත් ඉන්නව.ඒ තැන් වල ගසුත් පැල වෙලා ගෙඩි හැදිල ඒවට වහන කෑරලු ටික උම්බෑ කිය කිය පොරගෙ දුක හඬලයි කියල.

එච්චරට අපේ බොසා බෙලකට ආදරේ!කොහොමිං හරි බෙලක එක්ක බොසාගෙ කොල්ල දැන් පට්ට පිට්.
ඌට කෙල්ලො බලන්න ඉගැන්නුවෙ බෙලෙක නිසා ඌ මට ගුරු දිනේට අඩු සීනි බොම්ම්බයි මොටයි එකයි, සීනි 250 යි ගෙනල්ල දුන්නත් හිටං.හිටං දීල පස්සෙ වැන්ද!

ඔහොමින් කොහොමින් හරි බෙලෙක බොසාට කියන්න හිටියෙ කොල්ල උ.පෙ. කරන කාලෙට ලමයි 4,5 දෙනෙක්ගෙ තාත්ත කෙනෙක් වෙලා නොතිබ්බොත් ඌට ජීව විද්‍යාව උගන්නන්න කියල.එතකොට ඌට ඌටම බේත් හේත් කරගෙන උගෙ අප්පගෙ පවුලටම බේත් කරන හොඳ Wet Sergent කෙනෙක් වෙන්න තිබ්බ!

ඒක කියන්න හදනකොටමනෙ දෙයියනේ කියල කිරි ගහට ඇන්න වගේ බෙලෙකට කෙල වුනේ!
බෙලෙක හිතං හිටියෙ පොඩි එකාව සාන්ද්‍රි නැන්දගෙ ඉතිහාස පන්තියට යවන්ට කියල හිතන් හිටියෙ..කොහෙද ඉතින්..නැන්දගෙ ඔලුවට මොකක්ද මන්ද වෙලානෙ…

පොඩි එකා උපන්නෙ 2000 නුත් පස්සෙද කොහේ..එහෙව් එකේ අර අසුන් කාරය කිව්ව වගේ ඌත් ඉපදිලා නැති නිසා දන්නෙ නෑ, වැඩක් නෑ, ඕන්නෑ කිව්වොත් බෙලෙකටම හද්ද නෝන්ඩියක් කන්න වෙන නිසා කට වහගත්ත!
ඒ වුනාට ඉතින් අර සාන්ද්‍රි නැන්ද යාන්තමින් කලව වලින් බාගයක් වැහෙන දිග…… ගවුම් පොඩිත්ත ඇඳන් ඇවිල්ල ලංකාවට නිදහස හම්බුනේ “නයින්ටීන් සික්ස්ටි ෆෝර්” කිව්වම කාටද මයෙ සත්තලනේ ඉවසන්න පුලුවං?

ඒ වුනාට කාරිය ඔය පොඩි එකා සාන්ද්‍රි නැන්දිගෙ කලාස් එකට යවන්න හොඳ නෑ, වැඩක් නෑ කියල බෙලෙක තීරනේ කොලේ ඒ නිසා නෙවේ! කොල්ල පොඩි එකා, කොට එකා වුනාට, සාන්ද්‍රි නැන්ද අර ගවුන් කොටේ ඇඳන් ආවම කොල්ල දකින ඒවමේ යන විදියට යන්න කලින්ම  ඕක දකින නිසා..

හැබැයි බෙලෙකට ප්‍රශ්න ටිකක් ඉතුරු වුනා.
1.ජාත්‍යන්තර පාසල් වල වැරැද්ද ද, ඒවට යන උංගෙ වැරැද්ද ද?
2.ලංකාව ගැන, ඉන්න රටේ අගනුවර මොකක්ද නොදන්න ගොං හරක් තරු කරං ඉන්න මේ වගේ වෙන රටවත් තියෙද?
3.නොදන්න කම ලැජ්ජාවක් වෙනුවට, ඒක දන්නෙ නෑ කියල තලු මර මර ගොං ජෝක් දෙන පිම්පියො ඉන්නවද?
4.මේ යන විදියට මේ රටට මොන කලක් යයිද?

අදට ඇති!

Advertisements