බෙලෙකා මනමාලි බලන්නට යයි

ඊයේ කිව්වනේ හැමෝටම මම මේ බෙලෙක් මල්ලි පෙලවහක් කරගන්න නංගියෙක් බලන්න යනව කියල.කිව්වට මොකෝ ඒ වෙලාවෙත් දණ පොල් කටු වයලීන් ගහන සද්දේ පසුබිමෙන් ප්ලේ වෙන අතරේ තමා ඒක ලිව්වෙත්.බෙලෙක මනමාලියෙක් බලන්න යන ෆස්ට් ටයිම් නිසා භයේ ගැහි ගැහි තමා ඊයෙ රැම උන්නේ.ලස්සනට යන්න ඕන නිසාම ඊයේ රැටත් දත් මැදල ආයෙත් උදේටත් දත් මැද්ද.
මුලින්ම කෙල්ලෙක් බලන්න යනකොට තියෙන බය ඔහෙලා බොහොමයකටම දැනිල ඇතිනේ?ඒ බයම ද?නිදහස නැති කරගන්න යන එකටද?සිංහයා ඔටුවා වෙන්න යන එකටද මන්දා ඊයෙ රැ නින්ද ගියෙත් බාගෙට.පොටෝ එකෙන් දැක්ක නිසා කෙල්ලගෙ ලස්සන මතක් කරගෙන කෙල්ල වෙනුවට අල්ලපු ගෙදර සීය සෙල්ලම් කරන පූ බෙයාර් බදාගෙන තමා දවසම උන්නෙ.
කොහොම හරි උදේ නැගිටිනකොට ඇඟ පත වෙව්ලනව.හීතලේට.එච්චරට බය වෙලා උන්නෙ මම.ඉතින් ඊට පස්සෙ මැණිකෙ බලන්න යන්න ලැස්ති උනා.කවදාවත් නැතුව මූණත් හේදුව.කප්පාදු කතුරෙන් රැවුලත් කපාගෙන රේසරෙන් කොණ්ඩෙ එළියට පැනපු කොණ්ඩ ගස් දෙක තුනකුත් කැපුව.
මේ බෙලෙක් මල්ලි ඉතින් බෙල් බොටම් ගහන පොරක් නෙවේනේ.බෙලෙක් එකතු කරල විකුණල හම්බෙන සොච්චමෙන්නේ ජීවත් වෙන්නෙ.ඉතින් කොහෙද අලුත් ඇඳුම් ගන්න සල්ලි?ඇඳගෙන ගියේ අල්ලපු ගෙදර පොඩි එකා දහම් පාසල් අඳින ජාතික ඇඳුම.
කිව්වට මොකෝ වැස්සකට ඉස්කෝල දෙක තුනකට හරි ගොඩ වෙලා තිබ්බට මොකෝ ජීවිතේකට සරමක් ඇඳල නැ.බයෙන් බයෙන් සරම අඳව ගත්ත එහා ගෙදර පොඩි එකා ලව්වම.[යටට අමුඩෙ ගහං හිටියෙ හොඳේ.]එළියට බහිනකං ඉඳල පොඩි එකා කැගහනව “අංකල් සිප් එක වහගන්න”කියල.ඒ වෙලාවෙ තමා සරමෙ සිව් එක වහගන්න මතක් උනේ මෙන්න මේ බෙලෙකට.
ඩෙක්ස් දෙකත් දාගෙන ඉතින් දැන් මනමාලි බලන්ට යන්න තමා මේ බෙලෙක ලැස්ති.ඊයෙ කිව් විදියටම තැපැල් 90 රෙඩි.ඔන්න බෙලෙක යනව බයික්කෙට නගින්න.ම්හු…කකුල උස්සගන්න බැ.සරමනේ.බැරිම තැන බැලුව වටපිට.ආසාවට එකෙක් නැ පේන්න.ගත්ත සරම කරට,බෙලෙක 90 උඩ.යන්තමට සේප් වෙලා බෙලෙක කෙල්ලගෙ ගෙදෙට්ට ගියා.
පිදුරුතලාගල කන්දට වඩා පොඩ්ඩක් උස කන්දක් උඩ තමා කෙල්ලගෙ ගෙදර.
බෙලෙකත් ඉතින් ගිහින් බයික්කෙන් බැහැල ගෙදෙට්ට ඇතුල් උනා.කෙල්ලගෙ අම්ම අත් දෙකම එකතු කරල “ගුන් මෝනින්” කිව්ව.මමත් ඉතින් කෙල්ලගෙ අම්මගෙ දෙපා අල්ලල “සුවීට් ඩ්‍රීම්ස්” කියාගෙන ගෙට ගියා.
ගෙදර මිනිස්සු එක්ක වචනයක් දෙකක් කතා කර කර ඉන්නකොට මෙන්න කෙල්ල එනව බුලත් හුරුල්ලකුත් තියාගෙන.ලස්සන කලිසමක් ගහල තිබ්බ.කකුල් දෙක නිකං ඉරටු දෙකක් වගේ කෙට්ටුයි.බෙලෙක ගත් කටටම “ආ නංගී කලිසම ඇඳල මැහුවද?මහල ඇන්දද?”කියල ඇහුවම “අනේ යන්න අනේ යන්න” කියල බුලත් කොලයක් මගේ කටේ ඔබාගෙන ගිහින් මං හිටි පුටුවෙ කොණක වාඩි උනා.
දෙන්නට ඕන දෙයක් කතා කරගන්න කියල අම්මල තාත්තල එළියට ගියා.දැන් බෙලෙකයි කෙල්ලයි තමා සාලෙ.
“ඉතින් කොහොමද නංගී?”
කියල බෙලකම කතාව පටන් ගත්ත.අපි දෙන්න කතා කරපුව මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බැරි නිසා පුලුවන් ටිකක් විතරක් කියන්නම්.[කතා කරපු අනිත් දේවල් වලින් කෙල්ල ගැන මම ගත්ත ඩීටේල්ස් වෙනම යටින් දාන්නම්.]
“නංගි කොල්ලෙක් එහෙම නැද්ද?”
“හිටියා අයියෙ.එයා මට බූට් එක තිව්වට පස්සෙ මම ආයි කොල්ලෙක් දිහා හැටිල බලුවෙ නැ.”
“නංගි පවුනේ.කවුද ඒ මෝඩ කොල්ලා?කෙල්ලෙක්ට එහෙම බලු වැඩක් කරන්න තරම් මොලේ නැති මැටි හරක.”
“අයියට ඒ කවුද කියල කිව්වට කමක් නැද්ද?තරහ නැ නේ?”
“නැ නැ නංගි කියන්න.”
“ඇයි මෝඩයෝ තමුසෙ ගිය අප්‍රේල් මාසේ 01 වෙනිද මට බූට් එක තිව්වනේ.”
ඉතිරිය බලධාරියා විසින් එඩිට් කරන ලදී…

Posted on 2011 June 21, in ආතල්. Bookmark the permalink. 17 Comments.

  1. යකෝ බූට් එක තිබ්බ කෙල්ලවමද බලන්න ගියෙ… පිස්සු යකෙක් නෙ…

  2. මේ බෙලෙකා යාළු වෙලා හිටපු කෙල්ලව බලන්නද මෙච්චර ගේමක් දීලා ගියේ…

    • බෙලෙක් කටා

      ඒක නේන්නම් මචෝ කියන්නේ.සීන් එක මතක් වෙනකොටත් ඇඟේ වතුර ලේ වෙනවා.

  3. හික් හික්, පරන නම්බරයක් ආයේ ඩයල් කරලා වගේ 😀

    • බෙලෙක් කටා

      මගේ කරුමෙට ඒ නොම්බරේ තාම ඩිස්කනෙක්ට් කරල නැ බං.
      :-/

  4. හැක් හැක් බෙලෙකා ඈදගෙන නායි

    කප්පාදු කතුරෙන් රැවුලත් කපාගෙන රේසරෙන් කොණ්ඩෙ එළියට පැනපු කොණ්ඩ ගස් දෙක තුනකුත් කැපුව……..
    අම්මටහුඩු උබ මාර වැඩකාරයෙක්නෙ කප්පාදු කතුරකින් රැවුල කපන සිස්ටම් එක අපටත් කියා දීපන්කෝ…

    • බෙලෙක් කටා

      නිකංනම් බැ මල්ලි සැමන්ටින් දෙකයි පනිට්ටුවකුයි දුන්නොත් කියන්නම්

  5. සැලී කුමරිය

    ලොල් හිකිස් විලිලෑජ්ජාවේ පන යනවා අයියාන්ඩි…

  6. යකෝ බෙලෙක් අයියා බූට් එක තියපු කෙල්ලවම නේ බලන්න ගිහින් තියෙන්නේ. හරි ශෝයි.

  7. බෙලෙක් කටා

    මොන ශෝයිද මල්ලී….ගෙදර ආවෙ කොහොමද කියල තාම හිතාගන්න බැ

  8. කාලා හමාරයි..ඇඳගෙන ගිය සරමත් ඇඳගෙනමද ආපහු ආවේ…

    • බෙලෙක් කටා

      ඔව් ඔව්.ඒකනම් ගැලෙව්වෙ අල්ලපු ගෙදරදි

  9. අනේ මන්දා උඹත් හැදෙන එකෙක් නෙමෙයි වගේ…. හික් හික්….

  10. බෙලෙකා

    Reblogged this on බෙලෙකා.

Leave a reply to බෙලෙකා Cancel reply